×

2020 ජූලි වන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ගණන 66,000 ඉක්මවාවි!

බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 වසංගත මරණ ගණන 66,000 ක් වනු ඇතැයි අලුත්ම පර්යේෂණයක් යෝජනා කරයි. ජූලි මාසය වන විට මෙම මරණ සංඛ්‍යාව අපේක්ෂා කෙරේ.


මෙම පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට මේ වන විට ඉතාලිය සහ ස්පාඤ්ඤය සිටින්නේ චක්‍රයේ උපරිම ලක්ෂය පසුකර ය. නමුත් බ්‍රිතාන්‍යය තවමත් එම චක්‍රය තුළ ඉහළට ගමන් කරමින් සිටියි.

මේ අනුව යුරෝපයේ කොරෝනා වෛරස් වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත්වෙමින් තිබෙන්නේ බ්‍රිතාන්‍යයයි.

එහිදී යුරෝපයේ අන් සියලුම රටවලට වඩා බ්‍රිතාන්‍යය නරකම අත්දැකීම ලැබීමට නියමිත ය.

IHME හෙවත් Institute for Health Metrics and Evaluation විසින් සිදුකරන ලද මෙම ආදර්ශන තවදුරටත් පෙන්වා දෙන්නේ යුරෝපා මහද්වීපයෙන් මරණ 151,680 ක් බලාපොරොත්තු විය යුතු බවයි.

චීනයෙන් ඇරඹි නිසා නැගෙනහිර ආසියාව මෙම රෝගයේ මර්මස්ථානය වනු ඇතැයි කලින් කියැවී තිබුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දැන් අවධාරණය කරන්නේ මෙම ගෝලීය වසංගතය බටහිර යුරෝපය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින බව ය. ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය මෙහිදී බ්‍රිතාන්‍යය තරමටම නොවුණත් වැඩි වශයෙන් මරණය අත්දකිනු ඇත.

බ්‍රිතාන්‍යයේ මේ වන විට 5,000 කට අධික පිරිසක් කොවිඩ්-19 හේතුවෙන් මරණයට පත්ව සිටිති. ඉදිරි දින කිහිපයේදී මේ තත්වය තවදුරටත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපේක්ෂිත මරණ ගණනය කළ හැටි

මෙහිදී ආසාදිතයන් සහ මිය ගිය අයගේ සංඛ්‍යාවන් පිළිබඳ අන්තර්ජාතික දත්ත යොදාගනු ලැබිණි. ඉතාලිය, චීනය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල මරණ අනුපාතික ද සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව රටෙන් රටට අපේක්ෂිත මරණ සංඛ්‍යාව මෙම ආදර්ශනය මගින් හෙළිදරව් කෙරේ.

මෙහිදී අපේක්ෂිත මරණ සංඛ්‍යාව ආදර්ශනය කිරීම සඳහා යොදාගැනෙන එක් ප්‍රධාන සාධකයක් වන්නේ දැඩි සත්කාර ඒකකවල තිබෙන ඇඳන් සංඛ්‍යාව සහ ඒවායේ පහසුකම් ය.

මේ අනුව ජූලි මාසය වන විට කොවිඩ්-19 හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිදුවන මරණ සංඛ්‍යාව 66,000 ක් වෙද්දී ඉතාලිය 20,000 සීමාවෙන් නතර වී සිටිනු ඇත.

මේ අතර ඇමරිකාවේ මරණ සංඛ්‍යාව මේ සියලුම රටවල් පසුකර සිටිනු ඇත.

එය කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි