×

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නෙත් සිත් පැහැර ගත් ජායාරූප

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඊයේ (08) දිනයෙන් අවසන් වුණා.


මේ මහා ක්‍රීඩා උළෙල අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් විය. ඒ රන් පදක්කම් 39ක්,රිදී පදක්කම් 40ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟිනි.

චීනය දෙවන තැනට පත්වුනේ රන් පදක්කම් 38 ක්,රිදී 32 ක් සහ ලෝකඩ 18ක් දිනාගනිමිනි.

සත්කාරක ජපානය තුන්වැනි තැන හිමි කරගන්නා ලදී.

ජපානය ද ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 27ක්,රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනාගන්නා ලදී.

ඊළඟ ඔලිම්පික් උළෙල එනම 2024 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රංශයේදීය.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නෙත් සිත් පැහැර ගත් ජයාරූප 21ක් BBC ලෝක සේවය විසින් මෙලෙස වාර්තා කර තිබුණි.

ASK for LNW

මහා බ්‍රිතාන්‍ය නියෝජනය කළ පිහිනුම් ක්‍රීඩක ටොම් ඩේලි සිය සිව්වන ඔලිම්පික් උළෙලේදී ඔහුගේ පළමු රන් පදක්කම දිනාගත් අවස්ථාව

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ චීනයෙන් සහභාගී වූ කලාත්මක පිහිනුම් ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩිකාවන්

බ්‍රසීලය නියෝජනය කළ සර්ෆින් ක්‍රීඩක ඉතාලෝ ෆෙරෙයිරා ඕස්ට්‍රේලියාවේ ඔවන් රයිට්ට එරෙහිව සුරිගාසාකි සර්ෆින් වෙරළේදී පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී

කටාරයේ මුතාස් එසා බාර්ෂිම් සහ ඉතාලියේ ජියන්මාර්කෝ තම්බෙරී පිරිමි උස පැනීමේ ඉසව්ව අවසානයේ රන් පදක්කම බෙදා ගත් අයුරු

දකුණු අප්‍රිකාවේ එරින් ස්ටර්කන්බර්ග් සහ දකුණු කොරියාවේ චෙහ්යුන් සියෝ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ක්‍රිඩා නැගීමේ කාන්තා ඉසව්වේ ඉදිරිවට සඳහා සුදුසුකම් ලැබීමට තරඟ වැඩි අයුරු

රන් පදක්කමක් දිනාගත් මහා බ්‍රිතාන්‍යයේ  බෙතානි ශ්‍රිවර්ව කණ්ඩායම් සගයෙකු විසින් රැගෙන යන අයුරු

පිහිනුම් ඉසව්වේ 4*100 තරඟයේ ජය ලබා ගත් මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම

ජපන් ක්‍රීඩක කොකි සයිටෝ සිය අශ්වයා පැන්නු අවස්ථාවක්.

මීටර් 400 කඩුලු පැන දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා නව ලෝක වාර්තාවක් පිහිටුවීමෙන් පසු නෝර්වේහි කාර්ස්ටන් වෝර්හෝම්

ඊශ්‍රායලයේ ලිනෝයි ආශ්‍රම් අරියකේ ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ පැවති කේවල අවසන් මහා තරඟයට සහභාගී වූ අවස්ථාවේ

ලාබාලතම ඔලිම්පික් ක්‍රීඩකයා වූ ස්කේට්බෝර්ඩ් ක්‍රීඩා ඉසව්වකට සහභාගී වූ මහා බ්‍රිතාන්‍යයේ 13 හැවිරිදි ස්කයි බ්‍රවුන් අවසන් තරඟයේදී ලෝකඩ
පදක්කමක් දිනාගත් අවස්ථාව

කාන්තා තුන් පිම්ම් පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීම සඳහා කොලොම්බියාවේ කැතරින් ඉබර්ගුන් ක්‍රීඩා කළ අවස්ථාව

ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ලෝක ප්‍රකට ඇමරිකානු ක්‍රීඩිකා සිමෝනි බිලෙස් සිය පුහුණුකරු සිසිලි ලැන්ඩි සමඟ ජයග්‍රහණය සමරමින්

හා බ්‍රිතානයේ එමා විල්සන් කාන්තා වින්ඩ්සර්ෆින් ඉසව්වේ තුන්වන ස්ථානය දිනා ගැනීමින් ලෝකඩ පදක්කම් අත්පත්කර ගැනීමේ සතුට

බොක්සින් ක්‍රීඩා ඉසව්වක අවස්ථාවක්

ඇමරිකාවේ කෙවින් මැක්ඩොවෙල් සිය පිහිනුම් ඉසව්ව ආරම්භ කිරීමට ජලයට කිමිදෙන අවස්ථාව.

ජපානයේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා හිටෝමි හටකැඩා තරඟයට මුහුණ දීමට පෙර පුහුණුවීම් කළ අවස්ථාවක්

පිරිමි මවුන්ටන් පාපැදි තරඟයේ අවස්ථාවක්

දකුණු අප්‍රිකාවේ ජූලියා වින්සන්ට්  ස්ප්‍රින්ග්බෝර්ඩ් කාන්තා ඉසව්වේ මූලික වටයේ අවස්ථාවක්.

කාන්තා වෙඩි තැබීමේ අවසන් තරඟයට ඇමරිකාවේ රාවන් සෝන්ඩර්ස් තරඟ කළ අවස්ථාව.

හොකී කාන්තා ඉසව්වේ අවස්ථාවක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි