ලෝක ආහාර වැඩසටහන විසින් ‘‘යුද්ධයේ අවියක් වශයෙන් සාගින්නට එරෙහිව සටන් කිරීම‘ – fight against ‘hunger as a weapon of war’ සඳහා මෙම සම්මානය පුද දුන් බව නොබෙල් කමිටුව පවසයි.
විශේයෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ප්‍රජාව සාගින්නට මුහුණ දී ඇති අවස්ථාවේදී ලෝක ආහාර වැඩසටහනේ මුල පිරීම් ඉතාම වැදගත් බව ද එහිදී අවධාරණය කෙරිණි. ‘‘වසංගතයට වැක්සීනයක් සොයාගන්නා තෙක් එයට තිබෙන හොඳම වැක්සිනය වනු ඇත්තේ සාගින්න දුරලන ආහාරයි‘‘ යනුවෙන් ලෝක ආහාර වැඩසටහන, කොවිඩ් හමුවේ තමන්ගේ කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කරමින් පවසයි.
දකුණු දිග සූඩානය වැනි කලාපයන් වල ජීවත් වන ජනතාව තවමත් ජීවිතය ගැටගසා ගන්නේ ලෝක ආහාර වැඩසටහන මගින් නොමිලේ බෙදා දෙන ආහාර මගිනි. මෙවැනි උදාහරණ සිය ගණනක් තිබේ.
විශේෂයෙන්ම අරගලවලට මැදි වී සිටින රටවලට ලෝක ආහාර වැඩසටහන දැවැන්ත මෙහෙයක් ඉටු කරයි. යේමනය, කොංගෝ සමූහාණ්ඩුව, දකුණු දිග සුඩානය සහ බුර්කිනෝ ෆාසෝ ඒ අතරින් ප්‍රදාන ය. දකුණු ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ මානුෂීය සාම මෙහෙයුම් සඳහා ද එය මැදිහත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහන 1961 වසරේදී නිර්මාණය කළ අතර, මේ වන විට වසරකට මිලියන 100කට වඩා ජනතාවකට ආහාර සැපයීමේ යෙදී සිටියි.
#ZeroHunger (සාගින්න ශුන්‍ය වීම) ඔවුන්ගේ තේමාපාඨයකි.
මේ ඉලක්කය සපුරාලීම සඳහා දිනපතාම සිය ජීවිත අවදානමට ලක් කරන සිය කාර්ය මණ්ඩලය වෙත ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි විශේෂයෙන් ස්තූතිවන්ත වෙයි.
We are deeply humbled to receive the #NobelPeacePrize. This is an incredible recognition of the dedication of the @WFP family, working to end hunger everyday in 80+ countries.
Thank you @NobelPrize for this incredible honor! pic.twitter.com/bHcS0usWQa
— David Beasley (@WFPChief) October 9, 2020
2020 නොබෙල් ත්‍යාගය සඳහා නාම යෝජනා ලැබ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්‍රෝස් ද ලෝක ආහාර වැඩසටහන වෙත සිය සුබපැතුම් පළ කර ඇත.
පෙර ලිපි
කාන්තාවන් දෙදෙනෙක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුතෙන් ලියයි
භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ ‘අඳුරුතම රහස්‘ හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට
හෙපටයිටිස් C වෛරසය සොයාගත් විද්‍යාඥයන් ත්‍රිත්වයට වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය