×

2020 වසරේ පරිසර ක්‍රියාකාරීන් 227 ක් ඝාතනය කරයි

ඇතැම් මාධ්‍යවේදින්ද මෙම පරිසර ක්‍රියාකාරීන් වශයෙන් ක්‍රියාකිරිම හේතුවෙන් ඝාතනය කර තිබේ.කොලොම්බියාව තුළ වැඩිම ඝාතන ප්‍රමාණයක් පසුගිය වසරේ වාර්තා වන අතර,පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.


Global Witness වාර්තාවකට අනුව, පසුගිය 2020 වසරේදී පරිසරය සහ ඉඩම් අයිතිවාසිකම් සුරැකීම සඳහා සක්‍රිය දායකත්වය ලබා දුන් පරිසර ක්‍රියාකරුවන් 227 දෙනෙක් ඝාතනය කර තිබේ.

මෙම ඝාතන වලින් වලින් තුනෙන් එකක් පමණදැව කැපීම, පතල් කැණීම, මහා පරිමාණ කෘෂි ව්‍යාපාර, ජල විදුලි වේලි සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා පරිසරය දැඩිව හානි කිරිමට විරුද්ධව පෙනි සිටි පරිසර ක්‍රියාකාරිකයන්ය.වනාන්තර, ජල සම්පාදන සහ සාගර ඇතුළු සංරක්‍ෂණය කළ යුතු ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා ඝාතනය කළ පුරවැසියන් environmental defenders හෙවත්”පරිසර ආරක්ෂකයින්” ලෙස එම වාර්තාව හදුන්වා දෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම 2015 වසරේදී අත්සන් කළ දා සිට එම සංවිධානය පවසන්නේ සෑම සතියකම සාමාන්‍යයෙන් පරිසර ක්‍රියාකාරීන් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.බ්‍රසීලය, නිකරගුවාව, පේරු සහ පිලිපීනයේ සිදු වූ විවිධ ප්‍රහාර සහ සිද්ධීන් 23 ක් සමඟින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ දැව කැපීමේ කර්මාන්තය ආශ්‍රිතවයි.

ඇතැම් මාධ්‍යවේදින්ද මෙම පරිසර ක්‍රියාකාරීන් වශයෙන් ක්‍රියාකිරිම හේතුවෙන් ඝාතනය කර තිබේ.කොලොම්බියාව තුළ වැඩිම ඝාතන ප්‍රමාණයක් පසුගිය වසරේ වාර්තා වන අතර,පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

(බිබිසි වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි