×

2021 ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල ඔන්ලයින් තාක්ෂණයෙන්!

2021 ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල (Golden Globe) මෙවර පැවතියේ දුරස්ථ මාර්ග ගත හෙවත් online ඔස්සේය.


මෙවර හොඳම නාට්‍යානුසාරි සිනමා කෘතිය වශයෙන් Nomadland කෘතිය තේරි පත්විය. එය Chloé Zhao විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුනකි.

එමෙන්ම, හොඳම සංගිතානුසාරි සහ හාත්ස්‍යොත්පාදක සිනමා කෘතිය වශයෙන් Borat Subsequent Moviefilm තේරි පත්විය. එය Jason Woliner විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුනකි. ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් මේ සඳහා වැය කර තිබේ.

හොඳම නිලිය වශයෙන් මෙවර් Andra Day සම්මානයට පාත්‍ර විය. ඒ ඇය රඟ පෑ The united vs.billie holiday සිනාමා කෘතිය වෙනුවෙනි. Lee Daniels විසින් එය අධ්‍යක්ෂණය කරන්නට විය.

හොඳම නලුවා වශයෙන් Chadwick Boseman තේරි පත්විය. ඒ Ma Rainey’s Black Bottom හි රංගනය වෙනුවෙනි.

Sacha Baron Cohen හොඳම සංගීතානුසාරී සහ හාත්ස්‍යොත්පාදක නලුවා වශයෙන් සම්මානයට පාත්‍ර වූ අතර, එම කාන්ඩයේ හොඳම නිලිය වූයේ Rosamund Pike ය.

හොඳම සහාය නිලිය Jodie foster ලෙසත් හොඳම සහාය නලුවා වශයෙන් Daniel kaluuya ද සම්මානයට පාත්‍රවිය.

හොඳම අධ්‍යක්ෂණය  Nomadland සිනාම කෘතිය වෙනුවෙන් Chloé Zhao  සම්මානය පාත්‍ර විය.

ජුරියේ විශේෂ සම්මානය වන Cecil B. deMille  සම්මානය jane  fonda වෙතත් Carol Burnett සම්මානය Norman lear වෙතත් හිමි විය. (goldenglobes.comවෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි