×

2021 ජනවාරි 1 දා සිට පරණ ස්මාට් ෆෝන්වලට WhatsApp අහිමි වේ

2021 ජනවාරි 1 වැනිදා පටන් iOS9 සහ Android 4.0.3 මෙහෙයුම් පද්ධති මගින් ක්‍රියා කරන ස්මාට් ෆෝන් සඳහා වට්ස්අප් යෙදවුම ක්‍රියාත්මක වීම අත්හිටවෙනු ඇත.


iOS9 භාවිතා වන්නේ iPhone 4 පරිශීලකයන්ගේ අවසන් මෘදුකාංග අප්ඩේටය ලෙස ය. මෙය 2015 වසරේදී ඇපල් සමාගම විසින් නිකුත් කරන ලදී. මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඇපල් සමාගම විසින් 2020 සැප්තැම්බරයේදී නිකුත් කළ  iOS 14 වර්ෂනයයි.

මේ අතර Android 4.0.3 මෙහෙයුම් පද්ධතිය 2011 වසරේදී නිකුත් කළ එකකි.

මේ අනුව ඔබේ ජංගම දුරකථනය iPhone 4 නම් සැලකිලිමත් වන්න. එහි භාවිතා වන්නේ iOS9 සංස්කරණය නම් එහි වට්ස්අප් යෙදවුම අඩපණ වීමට නියමිතය. ඔබේ ජංගම දුරකථනය ඇපල් නොව ඇන්ඩ්‍රොයිඩ් නම් සහ, එහි මෙහෙයුම් පද්ධති සංස්කරණය තවමත් Android 4.0.3 නම්, වට්ස්අප්වලින් සමුගැනීමට ඔබට සිදු වේවි. උදාහරණයක් වශයෙන් ඔබ භාවිතා කරන්නේ Samsung Galaxy S2 වර්ගයේ ජංගම දුරකථනයක් නම් ඔබට මේ ගැටළුව පැන නැගේ.

ෆේස්බුක් සමාගමට අයත් WhatsApp පරිශීලකයන් බිලියන 2 ක් පමණ සිටින, ලෝකයේ බහුල ලෙසම භාවිතා වන සන්නිවේදන මෘදුකාංගයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි