×

2021 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය

Gravel Heart(2017),The Last Gift(2011),Desertion  (2005) වසරේ ඔහු විසි න්රචිතය .Afterlives 2020  වසරේ ඔහු ලියු නවකතාවයි.


2021 වසරේ  සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ සැන්සිබාර් හි උපත ලැබූ සහ එංගලන්තයේ ක්‍රියාකාරී වූ නවකතා රචකයෙකු වන අබ්දුල්රාසක් ගුර්නාටයි.අබ්දුල්රාසාක් ගුර්නා 1948 දී ඉපිද ඉන්දියන් සාගර සිමාවට අයත්, සැන්සිබාර් දූපතේ හැදී වැඩි, 1960 දශකයේ අග භාගයේදී සරණාගතයෙකු ලෙස එංගලන්තයට පැමිණියේය.

ඒ 1963 දෙසැම්බරයේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් සාමකාමී ලෙස නිදහස් වීමෙන් පසු, ජනාධිපති අබේඩ් කරුම්ගේ පාලන කාලය තුළ අරාබි සම්භවයක් ඇති පුරවැසියන් පීඩනයට හා හිංසනයට තුඩු දුන් සිදු විම් රැසක්  සැන්සිබාර් සිදු විය.

ගුර්නා අයත් වූයේ මෙසේ පීඩාවට පත් ජනවාර්ගික කණ්ඩායමට වන අතර පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු සිය පවුල අතහැර රට හැර යාමට සිදු වූ අතර ඒ  අලුතින් පිහිටුවන ලද ටැන්සානියා ජනරජයටයි.

එැතැනින් පසු  ඔහු එංගලන්තයට පැමිණේ.ගුර්නා විශ්‍රාම යන තුරු කැන්ටබරිහි කෙන්ට් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සහ පශ්චාත් යටත් විජිත සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයා විය.අබ්දුල්රාසක් ගුර්නා නවකතා දහයක් සහ කෙටි කතා රැසක් ප්‍රකාශයට පත් කර ඇත.

සරණාගත ඛේදවාචකය ඔහුගේ සියලු නිර්මාණ තුල හදුනා ගත  හැකිය. 1987 වසරේ ඔහුගේ පළමු නවකතාව  Memory of Departure ය. 1990 රචිත Dottieනව කතාව විචාරක ඇගයිමට ලක්වුවකි.

Gravel Heart(2017),The Last Gift(2011),Desertion  (2005) වසරේ ඔහු විසි න්රචිතය .Afterlives 2020  වසරේ ඔහු ලියු නවකතාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි