×

2022 වනවිට ආසියාවට කොරෝනා එන්නත් බිලියනයක්

කොඩ් සමුළුව මෙවර ප්‍රථම වරට මාර්ගගතව පැවැත්වුණ අතර එයට ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රට වලට අදාල රාජ්‍ය නායකයින් සහභාගී විය.


 

කොඩ් සමුළුව මෙවර ප්‍රථම වරට මාර්ගගතව පැවැත්වුණ අතර එයට ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රට වලට අදාල රාජ්‍ය නායකයින් සහභාගී විය. 2004 වසරේ දකුණු ආසියානු කලාපයට බලපෑ සුනාමි ඛේදවාචකය හමුවේ මෙම රටවල් 4 මුල් වරට එක්ව ක්‍රියා කළේ ය.

ඒ අනුව 2022 වසර වනවිට ආසියානු කලාපයට කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබා දීමට කොඩ් සමුළුවේදී එකඟ වී තිබේ. එහිදී රාජ්‍ය නායකයින්ගේ තීරණය වී ඇත්තේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට හැකි කොරෝනා මර්දන එන්නතක් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමටයි.

ඒ සඳහා ඇමෙරිකාව තාක්ෂණික හා මූල්‍යමය සහායත්, ජපානය මූල්‍යමය සහායත් හා ඕස්ට්‍රේලියාව බෙදාහැරීමේ සහායත් ලබාදීමට එකඟ වී තිබේ.

මීට අමතරව චීනයේ ස්ථාවරත්වය සීඝ්‍රයෙන් වර්ධනය වීම පිළිබඳව ද කොඩ් රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු විය.

සමුළුවෙන් අනතුරුව රාජ්‍ය නායකයින් සෘජු නොවන ලෙස චීනය සම්බන්ධයෙන් මත පළ කළ ද ආසියානු කලාපය තුළ නිදහස හා විවෘතභාවය පවත්වාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් ප්‍රතිඥා ලබාදී දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[embedyt]https://youtu.be/7OsikDx9BKY[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි