×

උතුරු කොරියාව නවීන සයිබර් ප්‍රහාර භාවිතා කරමින් දත්ත සොරකම් කිරීමත්, සමූල ඝාතක අවි වැඩසටහන් සඳහා මුදල් උපයා ඇති බවත් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාව මේ මස අග හෝ ලබන මස මුලදී ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට නියමිත වේ.


2022 වසරේ උතුරු කොරියාව විසින් විදේශීය අභ්‍යවකාශ සහ ආරක්ෂක සමාගම් ජාලයන් ඉලක්ක කර ගනිමින් ‌රහසිගත තොරතුරු ලබා ගැනීමට හා සයිබර් මූල්‍යකරණයට සම්බන්ධ ඩිජිටල් ජාල වෙත ප්‍රවේශය ලබා ගනිමින් මුදල් සොරකම් කිරීම වෙනුවෙන් වැඩි වැඩියෙන් නවීන සයිබර් ශිල්පීය ක්‍රම භාවිතා කර ඇති බව ස්වාධීන සම්බාධක නිරීක්ෂකයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කමිටුවකට වාර්තා කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබේ.

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම සඳහා සයිබර් ප්‍රහාර භාවිතා කරන බවට නිරීක්ෂකයින් මීට පෙර චෝදනා කර ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්තාව මේ මස අග හෝ ලබන මස මුලදී ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට නියමිත වන අතර, එයට අනුව සයිබර් තර්ජන ක්‍රියාකරුවන් විසින් භාවිතා කරන ශිල්පීය ක්‍රම වඩාත් සංකීර්ණ වී ඇති අතර එමඟින් සොරකම් කරන ලද අරමුදල් ලුහුබැඳීම වඩාත් අපහසුව ඇති බව වාර්තා වේ.


කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සම්බාධක නිරීක්ෂකයින් වාර්තා කළේ, උතුරු කොරියාව පුළුල් හා වැඩි වැඩියෙන් නවීන සයිබර් ප්‍රහාර භාවිතා කරමින් සමූල ඝාතක අවි වැඩසටහන් සඳහා වසර කිහිපයක් පුරා ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 2 ක් උපයා ඇති බවයි.


කප්පම් ගැනීම් සම්බන්ධයෙන් නිරීක්ෂකයින් පැවසුවේ බොහෝ සයිබර් ප්‍රහාර උතුරු කොරියාවේ ප්‍රාථමික බුද්ධි කාර්යාංශය විසින් පාලනය කරනු ලබන කණ්ඩායම් විසින් සිදු කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි