×

2023 වන විට ඉන්දියාව චීනය අභිබවන ළකුණු

විචාරකයන් අදහස් දක්වා ඇත්තේ ඉදිරි වර්ෂවල ජනගහන වර්ධනය ක්‍රමානුකූල රිද්මයකට ගමන් කරනු ඇති බවයි. 


2023 දී ඉන්දියාව චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට වනු ඇතැයි අද (11)දින ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව සඳහන් වේ.

ඒ අනුව මෙම වසරේ වසරේ නොවැම්බර් වන විට ලෝක ජනගහනය බිලියන 8කට ළඟාවනු ඇති බව ඇස්තමේන්තු කර තිබේ. 2030 වන විට ලෝක ජනගහනය බිලියන 8.5 දක්වාත් වර්ධනය වන බව කියැවේ.

ජනගහන වර්ධනය 2050 වන විට බිලියන 9.7 දක්වා තව දුරටත් වර්ධනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ ප්‍රක්ෂේපනයන් යෝජනා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.මේ සම්බන්ධව විචාරකයන් අදහස් දක්වා ඇත්තේ ඉදිරි වර්ෂවල ජනගහන වර්ධනය ක්‍රමානුකූල රිද්මයකට ගමන් කරනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි