×

21 හැවිරිදි ලාංකිකයෙක් හා විවාහ වී සියල්ල අහිමි කර ගත් 60 හැවිරිදි ඩයෑන්

සිය රට බලා ආ ඇයට ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ කපටිකම්වලට හසු නොවන ලෙස අනෙක් කාන්තාවන් දැනුවත් කරන්නට අවශ්‍ය විය.


හිටි හැටියේ හමුවූ 21 හැවැරිදි තරුණයෙක් විවාහ කර ගත් 60 හැවිරිදි ස්කොට්ලන්ත කාන්තාවකට තමන් සතු වූ ධනයෙන් සතයක් හෝ නොමැතිව සිය රට බලා යන්නට සිදු වූ කථාවක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.

ඩයෑන් පීබල්ස් 2011 වසරේ ශ්‍රී ලංකාවට පැමිණියේ සිය නිවාඩුව ගත කිරීමේ අදහසිනි. එහිදී ඇය නැවතී සිටි හෝටල් කාමර පිරිසිදු කරමින් සිටි 21 හැවිරිදි ප්‍රියංජන ඇයට හමුවිය. කිහිප විටක් ඇගේ කාමරය වෙත පිරිසිදු කිරීම් කටයුතු සඳහා පැමැණි ඔහු ඇගේ දුරකථන අංකයත් ලිපිනයත් ඉල්ලා ගත්තේ ඇය සිය රට බලා ගිය බසු ඇය සමග තොරතුරු හුවමාරු කර ගන්නට අව‍්‍යශ බව හඟවමිනි . මසකට පසු ඇය සිය රටට ආපසු ගියද ප්‍රියංජන ඈ අතහැර නැත. දිගින් දිගටම ඇය වෙත දුරකථන ඇමතුම් ලබා දෙමින් ලිපි යවමින් ඔහු කියා තිබෙන්නේ තමන් ඇයට ආදරය කරන බව ය. මෙය ළාබාල තරුණයෙකු විසින් විහිළුවට කරන ප්‍රකාශයක් යැයි ගණන් ගත් ඇය ඒ පිළිබඳ එතරම් තැකීමක් කර නැත. ‘‘මට ඔහු ගැන ආදරණීය හැඟීම් තිබුණේ නැහැ..මම හිතුවේ ඔහු විහිළුවක් කරන බවයි‘‘ යැයි ඇය කියන්නීය.

මේ අතරවාරයේ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේද ඇය සම්බන්ධ වුණ ඔහු තමන් ඇයට ආදරය කරන බවත් තමන්ට ඇයව විවාහ කර ගන්නට අවශ්‍ය බවත් නැවත වරක්කි යා තිබිණි. වරක දුරකථනය ඔස්සේ ඔහු කළ ඉල්ලීමට බැහැ කියන්නට බැරි තැන ඇය නැවතත් 2012 වසරේ ලංකාවට පැමිණියේ ඔහුව බලන්නටයි. නමුත් ඉන්පසු ඇයට මුහුණ දෙන්නට සිදු වුයේ ඈ සිහිනෙනුදු නොසිතූ දෙයකටය. කිසිදු සූදානමක් නොමැතිව හැඳ සිටි ඇඳුමෙන් ඇයව විවාහ රෙජිස්ටාර්වරයා වෙත කැඳවාගෙ ගිය ඇය ප්‍රියංජන විසින් විවාහ කර ගත්තාය. ලංකාව තුළ තමන්ගේ සගයා විසින් මේ සිදු කරන්නේ කුමක්දැයි යන්න ඩයෑන් ට නිසි අවබෝධයක් නොතිබූ බව ඇය පසුව පවසා තිබිණි. ඇය සිතා තිබුණේ මේ සිදු කරන්නේ විවාහයට පෙර තමන් විදේශිකයෙකු ලෙස විවාහ ගිවිස ගැනීමට සුදුසු කමක් ලෙස ලියාපදිංචි කර ගන්නා බවයි. නමුතක් ප්‍රියංජන විසින් සිදු කර තිබුණේ ඇයව විවාහ කර ගැනීමයි.

සියල්ල ඇයටද නොදුැනීම සිදු වූ බැවින් හිත හදාගෙන ලංකාවේ වාසය කරන්නට ඩයෑන්  කල්පනා කළාය. මුලදී තමන්ට වඩා හරි අඩකටත් වඩා වයසින් බාල කොලු ගැටයෙක්ට ආදරය කරන්නට අදහසක් හෝ නොතිබුණද සිදු වූ දෑ සමග එසේ කරන්නට ඈ හිත හදා ගත්තාය. ඉන්පසු විටින් විට ස්කොට්ලන්තයටද ශ්‍රීලංකාවටද විරින් වර ආ ගිය ඩියාන් 2016 වසරේදී සිථිරවම ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණියේ ප්‍රියංජන හා සාර්ථක යුග දිවියක් ගත කිරීමේ අටියෙනි. සියල්ල ඉතා ඉක්මනින් සිදු වෙමින් පැවතිණි.

සිය විවාහ ජීවිතය ගැන ඇය පවසන්නේ,
‘‘සමහර අවස්ථාවලදී ඔහු මගේ සැමියා වුණා නමුත් බෙහෝ අවස්ථාවල ඔහු අතුරු දහන් වුණා… අඩුම තරමේ මම දැනගෙන සිටියේ නැහැ ඔහු කොහේ යනවද කියලා … රාත්‍රියට බෙහෝ අවස්ථාවල ඔහු නොදන්වා නිවසට නෑවිත් සිටියා
.‘‘ යනුවෙනි. 

ප්‍රියංජනගේ පවුලේ සාමාජිකයෙකු නොමැතිව නිවසින් පිටතට යන්නට ඩියාන්ට අවසර නොලැබුණි.

තම සැමියා වෙනුවෙන් ඇය මිනි බස් වර්ගයේ මෝටර්ථ රථයක් මිල දී ගත්තේ ඉන් මුදල් උපයන්නටයි. එයද ප්‍රියංජනගේ යෝජනාවකි. නමුත් එහි ඉපැයීම් වශයෙන් තමන්ට සතයක හෝ මුදලක් කිසිදා නොලැබුණු බව ද ඩියාන් පවසන්නීය. එසේම ඔහුට නව නිවසක් ඉදිකිරීමට ද ඇය නොමසුරුව මුදල් ලබාදුන්නාය. 

‘‘මම ඔහුට මුදල් නොදිය යුතුව තිබුණා.‘‘ ඔහු මුදල් ඉපයුවත් සියල්ල සඳහා මුදල් වැය කරන්නට සිදු වූයේ ඇයට බවත් ඇය පවසයි.

ඇය ඔහුට දුන් සම්පූර්ණ මුදල් පවුම් ලක්ෂයක් එනම් ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් ලක්ෂ 220කට ද අධික මුදලකි. 

නමුත් මේ කිසිවක් ඇයට නැවත නොලැබිණි. එපමණක්ද නොව වැඩි කල් යන්නට මත්තෙන් වැන්දඹුවක් වන්නට ඇයට සිදු විය. ඒ කිසිවෙක් විසින් ප්‍රියංජනව වෙඩි තබා මර දැමීම හේතුවෙනි. ඩියාන් සිතන්නේ ප්‍රියංජනව එසේ මරා දැමූවේ ඔහුව හිටි හැටියේ පොහොසතකු වීම ගැටළුවක් වූ පිරිසක් විසින් බවයිසැමියාගේ වියෝවත් සමග ඇයට තවත් දෙයක් අවාසනාවන්ත ලෙස දැන ගන්නට ලැබුණේ  ප්‍රියංජන මීට පෙර තවත් වයස අවුරුදු 18 ක තරුණියක් විවාහයක් කර ගෙන ඇති බවත් ඔහුගේ එම විවාහයේ බිරිඳ ප්‍රියංජනගේ පවුලද සමග ඔහුගේ මවගේ නිවසේ ජීවත් වන බවත්ය.

ප්‍රියංජනගේ අවමංගල්‍යය දා

ප්‍රියංජනගේ මරණයෙන් පසු ශ්‍රි ලංකාවේ වාසය කරන්නට මේ 60 හැවිරිදි ඩියාන්ට නොහැකි විය. ප්‍රියංජනගේ පවුලේ සාමාජිකයින් විසින් ඇයට ඊට ඉඩ තැබුවේ නැත.

සතයක් හෝ අහිමිවූ ඇයට සිය රට බලා යන්නට ගුවන් ටිකට් පතකට මුදල් හෝ ඉතිරී නොතිබිණි. ගුවන් ටිකට් පතකට කෙසේ හෝ අන්තර්ජාලය ඔසුසේ හමුවූ අයෙක්ගෙන් මුදල් ඉල්ලා ගත් ඇය සිය රට බලා ගියාය. නමුත් ඈ දැන් සතයකදු නැති වැස්දඹුවකි. තමන් සතු සියල්ල නන්නනාදුනන රටක නන්නන්නාඳුනන ළාබාලයෙක්ට දී ඔහුගේ මරණයද දැක සිය රට බලා ආ ඇයට ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ කපටිකම්වලට හසු නොවන ලෙස අනෙක් කාන්තාවන් දැනුවත් කරන්නට අවශ්‍ය විය.

”යුරෝපීය කාන්තාවන් විවාහ කර ගනිමින් රවටමින් ඔවුන්ගෙන් මුදල් උපයා ගන්නා තරැණයින්ට නොරැවටෙන්න… ඈ පැවසුවාය..
‘‘අප සියල්ලන්ටම ආදරය අවශ්‍යයි. නමුත් මෙම තත්ත්වය අප සිතන තරම් සුන්දර නැත.‘‘

ශ්‍රි ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල සංචාරයට පැමිණෙන බෙහෝ වයස්ගත යුරෝපීය කාන්තාවන්ට මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදු වීමේ ප්‍රවණතාව අද වන විට වැඩි වෙමින් පවතී. ඒ තුළ ලංකාව පිළිබඳ විදේශිකයන් තුළ ඇතිවන්නේ වෛරයක් සහ ලාංකිකයන් රැවටිලිසහගත ජාතියක් බව මිස අන් දෙයක් නොවේ. ඩියාන්ගේ කථාව බීබීසී මාධ්‍ය වෙතින් වාර්තා කර තිබුණේ ඇය ආපසු ස්කොට්ලන්තයට ගිය පසු, ඇගේ කතාව ලෝකයට පැවසීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ය. තමන්ට සිදුවූ දේ තවත් සුදු ජාතික කාන්තාවකට ලංකාවේදී අත් නොවිය යුතු යැයි ඩියෑන් පවසන්නීය. 

ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හෝ ලංකාවේ මිනිසුන් පිළිබඳ විදෙශිකයන් තුළ පවතින මතයට මේ රැවටිලිකාර තරුණයා සහ සුදු ජාතික කාන්තාවක් ඔහු විසින් පාරට ඇද දැමූ කතාවෙන් සිදුවන හානිය ඔබට මට සිතා ගත නොහැකි තරම් විශාල ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි