×

නාය යාමකින් ඉන්දුනීසියාවේ 21 ක් ජීවිතක්ෂයට!

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ නාය යාමකින්, පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.


රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ නාය යාමකින්, පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

ඉන්දුනීසියා වාර්තා සඳහන් කරන්නේ, නායයෑමට හසුවූ පුද්ගලයන් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

එරට කාලගුණ විද්‍යා අංශ කියා සිටින්නේ, මෙම ප්‍රදේශයට අධික වැසි ලැබෙමින් පවතින බැවින්, ඉදිරි දින කිහිපයේදී වර්ෂාව තවදුටරත් ඉහළ යා හැකි බවයි.

අවදානම් ස්ථානවලින් ජනතාව ඉවත් කර තිබෙන අතර, නාය යෑමෙන් විනාශ වූ ගොඩනැගිලි හා නිවාස පිරිසිදු කිරීමේ කටයුතුද  දැන් ක්‍රියාත්මක බවවිදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි