×

ගාසාහි රතු කුරුස සංවිධානයේ  කාර්යාලය අසල සිදු වූ ප්‍රහාරයකින් 22ක් මිය ගිහින්!

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ තමන් එම ප්‍රදේශයේ ප්‍රහාර සිදු නොකළ බවයි.එම ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රතු කුරුස සංවිධානයේ ගාසාහි කාර්යාලය අසල සිදු වූ ප්‍රහාරයකින් 22 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ පිහිටි සිය කාර්යාලයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් මෙලෙස මිය ගොස් ඇති බවත්, කාර්‍යාල පරිශ්‍රය අවට නවාතැන් ගෙන සිටි පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්,ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ තමන් එම ප්‍රදේශයේ ප්‍රහාර සිදු නොකළ බවයි.එම ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි