×

කොරෝනා බිය හේතුවෙන් ඇති වූ කොලොම්බියාවේ බන්ධනාගාර කෝලාහලයකින් 23 දෙනෙක් මරුට

කොරොනා වෛරස් බිය නිසා ඇති වූ කොලොම්බියාවේ බන්ධනාගාර කෝලාහලයකින් අවම වශයෙන් රැඳවියන් 23 දෙනෙකු මියගොස් 83 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අධිකරණ අමාත්‍යාංශය පවසයි.


කොරොනා වෛරස් බිය නිසා ඇති වූ කොලොම්බියාවේ බන්ධනාගාර කෝලාහලයකින් අවම වශයෙන් රැඳවියන් 23 දෙනෙකු මියගොස් 83 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අධිකරණ අමාත්‍යාංශය පවසයි.

රටේ විශාලතම හා වඩාත්ම ජනාකීර්ණ බන්ධනාගාරවලින් එකක් වන බොගෝටා හි ලා මොඩෙලෝ බන්ධනාගාරයේ දැවැන්ත හා සාපරාධී පලායාමේ උත්සාහයක් පැවති බව අධිකරණ අමාත්‍ය මාගරිටා කැබෙලෝ පැවසීය. එම සිදුවීම හේතුවෙන් මරණ හා තුවාල සිදුවිය. “රටේ විවිධ සිර කඳවුරුවල මෙසේ කැරලි හා කෝලාහල සිදු වී ඇති” බව කැබෙලෝ පැවසීය.

“අද රටට ඉතා කණගාටුදායක හා වේදනාකාරී දිනයක්” යැයි කැබෙලෝ වීඩියෝ දේශනයේදී පැවසීය.

මීට පෙර ඉරිදා කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් කියා සිටියේ ආරක්ෂක අංශ සහ බන්ධනාගාර බලධාරීන් රටේ විවිධ ප්‍රදේශවල කොරෝනා බිය හේතුවෙන් සිදුවන කෝලාහල වලට ප්‍රතිචාර දක්වන බවයි.

ඉරිදා වන විට කිසිදු රැඳවියෙකු හෝ බන්ධනාගාර සේවකයකු කොරොන ආසාදිත බව වාර්තා වී නොමැති අතර කිසිවෙකු ඒ නිසා කිසිවෙකුත් හුදෙකලා කරවීම සිදු වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි