×

බටහිර ඉවුරේ ත්‍රස්ත ක්‍රියා දිගටම, සැකකරුවන් 23 දෙනෙකු IDF අංශ විසින් අත්අඩංගුවට

සැකකරුවන් ප්‍රශ්ණ කිරීම් සඳහා ආරක්ෂක අංශ වෙත යොමු කර ඇති බවට වාර්තා වේ.


ගතවූ පැය 24 තුළ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධකම් පවතින්නේ යැයි සැකපිට පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ (Israeli Defence Forces: IDF) කටයුතු කර තිබේ.

IDF මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ IDF අංශ ෂින් බෙට් හා ඊශ්‍රායල පොලිසිය සමඟ එක්ව බටහිර ඉවුරේ (West Bank) ත්‍රස්ත ක්‍රියා, ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් මහජන සාමය උල්ලංඝනය කරමින් ප්‍රදේශවාසීන් හා සිවිල් වැසියන්ගේ පැවැත්මට හානිකර අන්දමින් හැසිර ඇති හා කටයුතු කර ඇති බවට IDF මාධ්‍ය ප්‍රකාශක පවසයි. 

සැකකරුවන් ප්‍රශ්ණ කිරීම් සඳහා ආරක්ෂක අංශ වෙත යොමු කර ඇති බවට වාර්තා වේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි