×

කොරෝනා නොවැළදීමට මද්‍යසාර පානය කළ ඉරානයේ 27ක් මද්‍යසාර විෂ වීමෙන් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට මද්‍යසාර පානය කිරීම හේතුවෙන් ඉරානයේ කුසෙස්තාන් සහ ඇල්බෝර්ස් පළාත්වල මද්‍යසාර විෂ වී අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන පුවත් ඒජන්සි වාර්තා කරයි.


 

කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට මද්‍යසාර පානය කිරීම හේතුවෙන් ඉරානයේ කුසෙස්තාන් සහ ඇල්බෝර්ස් පළාත්වල මද්‍යසාර විෂ වී අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන පුවත් ඒජන්සි වාර්තා කරයි.

“අහ්වාස් හි සමහර පුරවැසියන් මත්පැන් පානය කිරීමෙන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි බව අසා ඇත. එබැවින් ඔවුන් එය වැළැක්වීමේ පියවරක් ලෙස භාවිතා කර ඇත.” අහ්වාස් වෛද්‍ය විද්‍යා විශ්ව විද්‍යාලයේ ප්‍රකාශක අලි ඊසාන්පූර් මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පැවසුවේ ය.

ඉරානයේ කොවිඩ් -19 ව්‍යාප්‍ත ව යාමත් සමඟ වෛරසයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ කටකතා සහ විද්‍යාත්මක නොවන ප්‍රතිකාර සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබේ.

කෙසේ වෙතත්, ඉරානයේ මත්පැන් තහනම් කිරීමත් සමඟ, සමහරු සනීපාරක්ෂක කටයුතු සඳහා වෙළඳපොලේ විකුණන කාර්මික මද්‍යසාර පානය කර ඇති අතර ඒවා විෂවී ඇත.

කුසෙස්තාන් පළාතේ නිල වශයෙන් තහවුරු කරන ලද කොරෝනා වයිරස් ආසාදන සංඛ්‍යාව 73 ක් වූ අතර, අවම වශයෙන් ඉරාන වැසියන් 218 දෙනෙකු මද්‍යසාර විෂ වීමෙන් රෝහල් ගත කර ඇත.

වින්දිතයින්ගෙන් එක් අයෙකු අන්ධ වී ඇති අතර තවත් සමහරුන්ගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. එපමණක් නොව, උතුරු පළාතේ ඇල්බෝර්ස් හි මත්පැන් විෂවීම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි