×

චීනයේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු මරුට

Guizhou පළාතේ අධිවේගී මාර්ගයකදී පුද්ගලයන් 47 දෙනෙකු රැගත් වාහනයක් පැත්තකට පෙරලීම හේතුවෙන් පුද්ගලයන් 27දෙනෙකු මිය ගොස් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.


නිරිත දිග චීනයේ Sandu ප්‍රාන්තයේ Guizhou පළාතේ අධිවේගී මාර්ගයකදී පුද්ගලයන් 47 දෙනෙකු රැගත් වාහනයක් පැත්තකට පෙරලීම හේතුවෙන් පුද්ගලයන් 27දෙනෙකු මිය ගොස් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම අනතුර වසරේ සිදුවූ මාරාන්තිකම රිය අනතුර බව චීන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

COVID-19 සීමා කිරීම් හේතුවෙන් Guizhou පළාත සැප්තැම්බර් මුල සිට වසා දමා ඇති අතර එහි පදිංචි කරුවන් සංඛ්‍යාව මිලියන හයක් පමණ වේ. Guizhouහි පසුගිය දින දෙක තුළ පමණක් COVID-19 නව ආසාදන 900 කට වඩා වාර්තා වී ඇත.

චීනයේ බොහෝ ප්‍රදේශ කොවිඩ්න අගුලුලෑම හේතුවෙන් දුර මගී ගමන් අලුයම 2 සිට 5 දක්වා ධාවනය කිරීම තහනම් කර ඇති තත්වයක මෙම අනතුර සිදු වී තිබේ. පොලීසිය විසින් ඉදිරි කටයුත් විමර්ශනය කරන අතර මාර්ග අනතුරු බහුල චීනයේ ආරක්‍ෂිත ප්‍රමිතීන් අඩුකම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ බොහෝ හදිසි මරණ වාර්තා වෙමින් තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි