×

ඇල්බට් අයින්ස්ටයින්ගේ සටහන් වෙන්දේසියේ

අයින්ස්ටයින් 1915 දී ප්‍රකාශයට පත් කරන ලද ,සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය සඳහා පුර්ව සටහන් තැබූ අත්පිටපත් ද මීට අඩංගු වේ.


ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා න්‍යාය පිළිබදව අත්අකුරින් ලියන ලද සටහන් එළඹෙන අඟහරුවාදා පැරිසියේදී වෙන්දේසි කෙරෙන අතර, ඉන් යුරෝ මිලියන ගණනක් ලබා ගැනීමට සංවිධායකයන් අපේක්ෂා කරයි.”මෙය මෙතෙක් වෙන්දේසියට පැමිණි වටිනාකමින් ඉහළම, අයින්ස්ටයින්ගේ අත්පිටපත බවට සැකයක් නැත” යනුවෙන් Aguttes වෙන්දේසි ආයතනය වෙනුවෙන් අලෙවිය පවත්වනආයතන ප්‍රධානී ක්‍රිස්ටීස් පැවසීය.

අයින්ස්ටයින් 1915 දී ප්‍රකාශයට පත් කරන ලද ,සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය සඳහා පුර්ව සටහන් තැබූ අත්පිටපත් ද මීට අඩංගු වේ.

එය යුරෝ මිලියන දෙකත් තුනත් අතර (ඩොලර් මිලියන 2.3 සිට 3.4 දක්වා) දක්වා ළඟා වනු ඇතැයි ප්‍රධානී ක්‍රිස්ටීස් අපේක්ෂා කරයි.පිටු 54 කින් යුත් එම ලේඛනය 1913 සහ 1914 දී ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී අයින්ස්ටයින් සහ ඔහුගේ සගයා වන ස්විට්සර්ලන්ත ජාතික ඉංජිනේරු මිචෙල් බෙසෝ විසින් ලියන ලද්දකි.අයින්ස්ටයින් 1955 දී මිය යන විට 76 හැවිරිදි වියේ පසුවූ අතර, ඔහු මෙතෙක් බිහි වූ විශිෂ්ටතම න්‍යායික භෞතික විද්‍යාඥයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී සිටි. ඔහු 20 වැනි සියවසේ බුද්ධිමතා ලෙස හදුන්වයි.

ඔහුගේ සාපේක්ෂතාවාදී න්‍යායන් තුල විප්ලවයක් ඇති කළේ අවකාශයේ සහ කාලයෙහි වස්තූන්ගේ චලනය දෙස බැලීමේ නව ක්‍රම වේදය හඳුන්වා දීමෙනි.අයින්ස්ටයින් ක්වොන්ටම් යාන්ත්‍රික න්‍යායට ද ප්‍රධාන දායකත්වයක් ලබා දුන් අතර 1921 දී ඊට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි