×

අදට යෙදී තිබෙන ඇෆ්ගනිස්ථාන් නිදහස් දිනය වෙනුවෙන් තලෙයිබාන් කොඩිය ඉවත් කළ තිදෙනෙක් මරා දාලා !

ඇෆ්ගනිස්ථානයේ නිදහස් දිනය අගෝස්තු 19 වන අදට යෙදී තිබේ.


මේ අතර, තලෙයිබාන් ධජය ඉවත් කර ඒ වෙනුවට ඇෆ්ගන් ධජය එසවූ තිදෙනෙකු තලෙයිබාන් සංවිධානය විසින් ඝාතනය කිරීමේ පුවතක් ගැන වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ නිදහස් දිනය මගින් සැමරෙන්නේ 1919 වසරේදී ඔවුන් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමයි.

අහංකාර බලවතා

තලෙයිබාන් සංවිධානය අද දිනය උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු යොදා තිබේ.

‘‘අපගේ ජිහාඩ් ප්‍රතිවිරෝධයේ ප්‍රතිඵලයක් වශයෙන්, ලෝකයේ තවත් අහංකාර බලවතෙකු වූ ඇමරිකාව අපගේ ශුද්ධ වූ ඇෆ්ගනිස්ථානයෙන් අසමත් කර පසු බැස්සවීමට අපි කටයුතු කළෙමු..‘‘ යැයි ඔවුන් කියා තිබේ.

කෙසේ නමුත් අද දිනයේ තලෙයිබාන් විරෝධී උද්ඝෝෂණද රට තුළින් නැගී ඒමේ අවදානමක් පවතියි.

ඊයේ දිනයේ තලෙයිබාන් කොඩිය ඉවත් කර ඇෆ්ගන් කොඩිය එසවීම නිසා මරා දමා තිබුණේ ජලාලාබාද් නගරයේ තිදෙනෙකි. මෙම සිද්ධියෙන් 12 දෙනෙක් පමණ තුවාළ ලබා ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම හටගෙන තිබුණේ තලෙයිබාන් විරෝධී පා ගමනක් ජලාලාබාද් නගරයේ පැවැත්වෙන අතරවාරයේ ය. සටන්කාමීන් විසින් ඔවුන්ට පහර දී අනතුරුව වෙඩි තබා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි