×

එක්සත් රාජධානියේ කන්ටේනරයක් තුළ විදේශිකයන් 39 දෙනෙකුගේ මළ සිරුරු

එක්සත් රාජධානියේ එසෙක්ස් ප්‍රාන්තයේදී අද දහවල් විදේශිකයන් 39 දෙනෙකුගේ මළ සිරුරු සහිත ලොරි කන්ටේනරයක් සොයාගෙන තිබේ.


මිය ගිය අය අතර යොවුන් දරුවෙකු ද සිටියි.

විශ්වාස කෙරෙන්නේ ප්‍රමාණවත් වාතය නොමැති වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී මෙම පිරිස මිය යන්නට ඇති බවයි. ඔවුන් මිනිස් ජාවාරමේ ගොදුරු බවට ද සැක කෙරේ.

මෙම කන්ටේනරය පැමිණ තිබෙන්නේ බල්ගේරියාවේ සිට අනවසර මාර්ගයකිනි.
එය එක්සත් රාජධානියට ඇතුළු වී තිබෙන්නේ ඔක්තෝබර් 19 වැනි දින බව ද අනාවරණය වී තිබේ.

උතුරු අයර්ලන්ත ජාතිකයෙකු වන අවුරුදු 25 ක රියැදුරු තරුණයාව මේ වන විට මෙම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් ප්‍රකාශ කළේ තමන් මෙම පුවත හේතුවෙන් මහත් කම්පනයට පත්වූ බවයි.

2000 වසරේදී ද චීන ජාතිකයන් 58 දෙනෙකුගේ මළ සිරුරු සහිත ලොරියක් ඩෝවර් ප්‍රදේශයෙන් හමුවිය. මිනිස් ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙම ලොරියේ රියැදුරු ව සිරගත කරනු ලැබිණි.

ප්‍රධාන ඡායාරූපය: BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි