ඉන්ක්‍රෙඩිබල්ස් 2 චිත්‍රපටයේ අප දුටු ඉලාස්ටි සයිකලය Elasti-Cycle සිහිගන්වන මේ යතුරුපැදිය නිර්මාණය කර තිබෙන්නේ NOWLAB සහ BigRep සමාගම් විසිනි.
ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් ‘මුද්‍රණය කළ‘ (ප්‍රින්ට් කළ) ලෝකයේ ප්‍රථම සම්පූර්ණ යතුරුපැදිය වන මෙය, ඊ මෝටර් සයිකලයක් ලෙස ද හඳුන්වයි. ‘නව යුගය‘ “New Era” යන තේරුම බිඳී එන පරිදි යතුරුපැදියට ලබාදී තිබෙන නම වන්නේ NERA ය.
මෙහි ටයරවලට සුළං පිරවීමක් නම් අවශ්‍ය නැත. එනිසා හුළං ගැසීමට ද අවශ්‍ය නැත. ස්පෝක් කම්බි ද නැත.
කෙසේ නමුත් මේ යතුරුපැදිය තවමත් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමින් නැති අතර, මෙය හුදෙක් පර්යේෂණ මොඩලයක් පමණක් බව ද පැවසේ. කෙසේ නමුත් නව්ලැබ් ආයතනය පවසන්නේ තම පරීක්ෂණය අතිශයින්ම සාර්ථක වී ඇති බවයි.
[embedyt] https://www.youtube.com/watch?v=s4p59wk_0R4[/embedyt]