×

මොස්කව් හී ගුවන්යානයක ඇතිවූ ගින්නකින් 41 ජීවිතක්ෂයට

37 දෙනෙකු මෙම අනතුරෙන් දිවි ගලවා ගත් අතර ඒ තුළ ගුවන් මගීන් 33ක් සහ ගුවන් යානා කාර්යමණ්ඩලයේ සිවු දෙනෙක් වෙයි.



රුසියාවේ මොස්කවු හී ෂෙරිමෙියෝවෝ ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බැස්වීමේදී ඇති වූ ගින්නකින් එහි සිටි ගුවන් මගීන් 41 දෙනෙකු ජීවික්ෂය පත් වී ඇත.

ගුවන් යානය මෙසේ හදිසියේ ගොඩ බැස්වීම ගුවන් නියමුවා විසින් තීරණය කර ඇත්තේ එය පියාසර කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් පිළිබදව වහා ගැනීමෙන් පසුවයි. ගුවන් යානය ගිනි ගන්නා අවස්ථාවේදී මගීන් 72ක් එහි සි ඇති අතර ගුවන් යානය ගොඩ බැස්වූ පසු ගින්නෙන් බේරීම සදහා හදිසි පිවීම් තුලින් පිටවී ඇතැම් ගුවන් මගීන් පිරිසක් සිය ජීවිත බේරා ගෙන ඇත.

ගුවන් යානය ගොඩ බස්වන විත් එය ගිනි ගනිමින් තිබූ බව වාර්ථා පෙන්වා දුන්නද රුසියානු පුවත් ආයතනය පවසන්නේ එය ගොඩ බස්වන වි ඇති වූ ගැස්මක් හේතුවෙන් ගිනි ගත් බවයි.
37 දෙනෙකු මෙම අනතුරෙන් දිවි ගලවා ගත් අතර ඒතුළ ගුවන් මගීන් 33ක් සහ ගුවන් යානාකාර්යමණ්ඩලයේ සිවු දෙනෙක් වෙයි.

ගුවන් ගත කර විනාඩි 30කින් මෙසේ ගුවන් යානය ගොඩ බැස්වීම සිදුව ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි