×

පාකිස්ථානයේ බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 49 දෙනෙකු ඇතුළුව 51දෙනෙකු මරුට

මිය ගිය දරුවන් වයස අවුරුදු හතේ සිට 14 දක්වා වූ පිරිමි ළමුන් වේ.


වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ කොහාට් හි තණ්ඩා වේල්ල වැයෙහි අධික බර පැටවූ බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 49 දෙනෙකු ඇතුළුව 51ක් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් ප්‍රකාශක ෆසාල් නයීම් විසින් නිවේදනය කර තිබේ.

මිය ගිය දරුවන් වයස අවුරුදු හතේ සිට 14 දක්වා වූ පිරිමි ළමුන් වන අතර ඔවුන් සියලු දෙනාම මද්‍රාසා ආයතනයක සිසුන් වන අතර ඉරිදා දින දර්ශනීය තණ්ඩා වේල්ල වැව වෙත දින සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය විසින් වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි