ඒවායින් සමහරක් අප ඔබ හොඳින් දන්නා ඒවා ය. නමුත් ගැටළුව වන්නේ ඒවා අප විසින් වටහාගෙන තිබුණි ද යන්නයි.
සෞඛ්‍ය සම්පන්න කෑම වේලක්
‘ද ලැන්සැට්‘ ජර්නලය මෙසේ පවසයි. ‘‘ලෝකයේ සිදුවන සෑම මරණ 5 කින්ම එකකට හේතුව පෝෂ්‍ය ගුණයෙන් හීන ආහාර වේලයි.
මේ වන විට ඇමරිකානුවෝ අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක සකස් කළ මස් වර්ග ආහාරයට ගනිති. එයට සාපේක්ෂව පළතුරු, ඇට වර්ග සහ ධාන්‍ය වර්ග ඔවුන් ආහාරයට ගන්නේ අල්ප වශයෙනි.
නමුත් අප නොදන්නා කාරණය වන්නේ එළවළු සහ පළතුරු සහිත ආහාර වේලක් මගින් හෘදයාබාධ අවදානම සහ අංශභාගය (ආඝාතය) වැළඳීමේ අවදානම 20%කින් අඩුවන බවයි.
නිරන්තර ව්‍යායාම
දිවා කාලයේදී කායික වශයෙන් සක්‍රිය නොවන ජීවිත ගත කරනවුන් මිය යාමට ඇති අවදානම 20-3-% අතර ප්‍රමාණයකින් ඉහළ යයි. (මූලාශ්‍රය – ලෝක සෞඛ්‍ය සංවිධානය).
එනිසා හැකි නම් සතියකට විනාඩි 150 ක් ව්‍යායාම කරන්න. එයින් ඔබට සිතාගත නොහැකි වෙනසක් සිදු වේවි.
නිරෝගිමත් දේහ බරක් පවත්වා ගැනීම
ලොව පුරා මිලියන 800 ක් දෙනා අධික තරබාරුවෙන් පීඩා විඳිති (මූලාශ්‍රය – එක්සත් ජාතීන්ගේ සංවිධානය).
වසර 2016 පටන් මේ දක්වා මෙම අවදානම තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. එනිසා හැකි තාක් අධික තරබාරුව අවම කර ගන්න.
පදම දැන මත්පැන් පානය
වයින්වල රසය විසින් මිනිස් මොළය, අන් කිසිදු මධ්‍යසාරයකට වඩා සක්‍රිය කරයි. රතු වයින්වල ආතතිය අවම කරන සංඝටක ද අඩංගු වේ (මූලාශ්‍රය – ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනය).
නමුත් මද පමණ මත්පැන් ශරීරයට හිතකර සේම, පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම ශරීරයට අහිතකර ද වේ.
දුම් නොබොන්න.
දුම්බීම අතහැර ගතහොත්, හෘදයාබාධ වැළඳීමට ඔබට ඇති අවදානම 50%කින් අඩු වෙයි.
වසර 10කට පසුව පෙළහළු පිළිකා ඇතිවීමේ අවදානම ද 50%කින් අඩු වෙයි (මූලාශ්‍රය – ලෝක සෞඛ්‍ය සංවිධානය).
මෙයට අමතරව දුම් නොබීම මගින් සරු බව සහ ලිංගික ශක්තිය ද වර්ධනය වන බව බොහෝ අය දන්නා කාරණයකි.
මේ අන්දමින් වසර 34 ක් මුළුල්ලේ මිනිසුන් එක්ලක්ෂ විසි දෙදහසක් දෙනා පර්යේෂණයට ලක් කිරීම මගින් අවසානයේ හාවඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායම එළඹී ඇති නිගමන මේවා ය.
මේ නීති 5 ජීවිත කාලය තුළ පිළිපැදීම මගින්,
ඉතින් ඔබ කොතරම් නිරෝගී ද? එය ඔබ, ඔබෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයකි.