×

50 කට අධික බැතිමතුන් පිරිසක් ඝාතනය කළ නයිජීරියානු විලාපය

පසුගිය ඉරිදා දින නිරිතදිග නයිජීරියාවේ අබූජා හි ශාන්ත ෆැන්සිස් කතෝලික කතෝලික දේවස්ථානයේ තුවක්කුකරුවන් පිරිසක් බැතිමතුන්ට වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ.


මේ වන විට 50කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර ඉන් වැඩි පිරිස දරුවන් බව තහවුරු කර තිබේ.

ඔන්ඩෝ හි ආණ්ඩුකරු Rotimi Akeredolu මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුනේ ” අපේ හදවත් බරයි. අපේ සාමයට සාමකාමී ජනතාවගේ ශාන්ත භාවයට සතුරන් විසින් පහර දී ඇති බවයි. ”

එහි වෛද්‍යරයෙකු ප්‍රකාශකර තිබුනේ සිරුරු 50කට නොඅඩු ප්‍රමාණයක් Owo’s Federal Medical Center සහ St Louis Catholic Hospital යන රෝහල් වෙත ගෙන ගොස් ඇති බවයි.

බලධාරීන් විසින් නිල මරණ සංඛ්‍යාව වාර්තා කර නොමැති අතර ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු භාරගෙන නොමැත.

ඔන්ඩෝ නයිජීරියාවේ සාමකාමී රාජ්‍යක් ලෙස හැඳින්වෙන අතර මෙම ප්‍රහාරය අතිශය නීච ප්‍රහාරයක් බව ඔන්ඩෝ වැසියන් ප්‍රකාශ කර තිබේ. හාරය සිදු වූ ස්ථානයෙන් දිස්වන වීඩියෝ පටවලින් පෙනී ගියේ පල්ලියේ බැතිමතුන් ලේ විලක් මැද වැටී සිටින අතර අවට මිනිසුන් විලාප නඟන ආකාරයයි.

” ඉතිහාසයේ, අපි කවදාවත් එවැනි කැත සිදුවීමක් අත්විඳ නැත, මෙය ඔිනවට වැඩි බව ” නීති සම්පාදක Ogunmolasuyi Oluwole පවසා තිබේ.

නයිජීරියානු ජනාධිපති Muhammadu Buhari විසින් බැතිමතුන් ඉලක්ක කරගෙන දියත් වූ මෙම ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත කරමින් කියා ඇත්තේ මෙය අතිශය සාහසික ඝාතනයක් බවයි.

“මෙවැනි තුච්ඡ ක්‍රියාවක් ක්‍රියාත්මක කළ හැක්කේ නෙදර් කලාපයේ සිටින තක්කඩියන්ට පමණි. කුමක් වුවත්, මේ රට කිසි විටෙකත් දුෂ්ට මිනිසුන්ට යටත් නොවනු ඇත, අන්ධකාරය කිසි විටෙකත් ආලෝකය ඉක්මවා නොයනවා මෙන් අවසානයේදී නයිජීරියාව ජයග්‍රහණය කරනු ඇත,” යන්නයි.

මේ පිළිබඳ වතිකානුව ප්‍රකාශ කර ඇත්තේ සැමරීමේ මොහොතක වේදනාකාරී ලෙස පහර ලැබූ අය වෙනුවෙන් යාඥා කරන බවයි.

ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ මියගිය සංඛ්‍යාව තවමත් අපැහැදි බවයි. නමුත් විශාල පිරිසක් මිය යන්නටත් තුවාල ලබන්නටත් ඇති බව ඔවුන් තහවුරු කරයි.

ප්‍රහාරයෙන් බිෂොප්වරයා සහ පූජකවරුන් කිසිදු හානියක් නොමැතිව දිවි ගලවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි