×

67 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය චිචෝර්

67 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල පසුගිය මාර්තු 22 වන දින නවදිල්ලියේදී පැවැත්විණි.


මනෝජ් බජ්පායි හෝස්ලේ චිත්‍රපටය වෙනුවෙන්, හින්දි සිනමාවේ හොඳම නලුවා වශයෙන් සහ අසුරන් චිත්‍රපටය වෙනුවෙන් ධනුෂ් දමිල සිනමාවේ හොඳම නලුවා වශයෙන් මෙන්ම කන්ගනා මනිකර්නිකා සහ පග්නා චිත්‍රපට වෙනුවෙන් හොඳම නිලිය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

67 වන ඉන්දීය ජාතික සිනමා උලලේ හොඳම චිත්‍රපටයට (හින්දි) හිමි සම්මානය සුෂාන්ත් සිං රාජ්පුත් අධ්‍යක්ෂණය කල චිචෝර් චිත්‍රපටය වෙත හිමි විය.

ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී ප්‍රියදර්ශන්ගේ “මරක්කාර්: ලයන් ඔෆ් අරාබි සී” හොඳම (දමිල) චිත්‍රපටය දිනා ගෙන තිබේ.

ජාතික චිත්‍රපට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ තොරතුරු හා ගුවන්විදුලි අමාත්‍යාංශයට අයත් සංවිධානයක් වන චිත්‍රපට අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.

මෙහිදී 2019 වර්ෂය සඳහා චිත්‍රපට හා කලාකරුවන්ට ගෞරව සම්මාන පිරිනැමේ. මෙම සම්මාන උළෙල පසුගිය වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් ගියේය.

සම්මාන ප්‍රදානය කරනු ලබන්නේ සාම්ප්‍රදායිකව ඉන්දියානු ජනාධිපතිවරයා විසිනි.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි