×

වෛද්‍ය සැපයුම් රැගෙන ගිය පිලිපීන ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් 8ක් මරුට

ටෝකියෝ බලා පිටත් වූ ගුවන් යානයක් පිලිපීනයේ අගනුවර වන මැනිලා හි නිනෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉරිදා ගුවන් ගත වන විට අනතුරට ලක්ව යානයේ සිටි අටදෙනාම ජීවිතක්ෂයට පත්විය.


ටෝකියෝ බලා පිටත් වූ ගුවන් යානයක් පිලිපීනයේ අගනුවර වන මැනිලා හි නිනෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉරිදා ගුවන් ගත වන විට අනතුරට ලක්ව යානයේ සිටි අටදෙනාම ජීවිතක්ෂයට පත්විය.

ලයන් එයාර් ෆ්ලයිට් ආර්පීසී 5880 යානයේ සිටි සියලුම මගීන් ගුවන් තොටුපලේ සිට ගුවන් ගත වන විට ගින්නෙන් මියගිය බව මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපල අධිකාරිය පවසයි.

ගුවන් යානයේ ඇමරිකානුවෙකු හා කැනේඩියානු ජාතිකයෙකු ගමන් කරමින් සිටි අතර ඉතිරි හය දෙනා පිලිපීන ජාතිකයෝ ය.

රතු කුරුස ප්‍රකාශක රිචඩ් ගෝර්ඩන් පවසන පරිදි මෙම මගීන් අතර වෛද්‍ය නිලධාරීන් ද ඇතුළත් ය.

පිලිපීනයේ ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ යානය තුළ ගුවන් ධාවන පථයේ දී ගින්නක් හටගෙන ඇති බැවින් මෙම අනතුර සිදුවූ බවයි. යානය වෛද්‍ය සැපයුම් රැගෙන ගිය බව වාර්තා වේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි