×

මාස්ක් එකයි, හිම කබායයි, බූට් සපත්තු දෙකයි: ඇමරිකාවෙන් 2/3 ක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

අද දිනය වන විට ඇමරිකානුවන්ගෙන් 2/3 ක්ම ඡන්දය ප්‍රකාශ කර අවසන් ය.


මේ වන විටත් ජනපද ගණනාවක ජනතාව දිගු පෝලිම් සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ යෙදී සිටිති.

‘‘මාස්ක් එකයි, හිම කබායයි, බූට් සපත්තු දෙකයි‘‘

‘‘අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙන කිසිම දවසකට වඩා උනන්දුවෙන් පාවිච්චි කරනවා..‘‘ යැයි ඡන්ද දායකයෙක් සීඑන්එන් පුවත් සේවය සමග පවසයි. ‘‘දැන් පැය තුනකටත් වඩා මම පෝලිමේ ඉන්නවා.. නමුත් මෙය කළ යුතුම දෙයක්..‘‘

ශීත සෘතුව වන හෙයින් ඔවුන් දිගු වේලාවක් එළිමහනේ රැඳී සිටීම සඳහා උණුසුම් කබා ඇඳගෙන පැමිණ සිටි අතර, වතුර බෝතල් සහ කුසගින්න ඇතිවුණොත් කෑමට යමක් ද ගෙන පැමිණි අය ද දැකගත හැකිය.

එක් කාන්තාවක් 2020 ජනාධිපතිවරණය හඳුන්වා දුන්නේ සිය ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් ලෙස ය.

‘‘තැපැල් ඡන්ද විශ්වාස නෑ‘‘

Voters stand at voting booths during early voting at the Oklahoma Election Board in Oklahoma City, Oklahoma, U.S. October 29, 2020. REUTERS/Nick Oxford

තැපැල් ඡන්දය භාවිතා කිරීමට වඩා, පුද්ගලිකවම කලින් පැමිණ මෙසේ ඡන්දය භාවිතා කිරීම වඩාත් ආරක්ෂිත බව මේ බොහෝ අය සිතති. මෙයට ප්‍රධාන හේතුවක් බවට පත් ව තිබෙන්නේ ‘‘තැපැල් ඡන්ද හේතුවෙන් මැතිවරණ වංචා සිදුවිය හැකි‘යැයි ජනපති ට්‍රම්ප්, එකවරම පවසා තිබීමයි. කිසිදු හේතු සාධක දැක්වීමකින් තොරව ඔහු කළ මේ ප්‍රකාශය හේතුවෙන් බොහෝ ඇමරිකානුවෝ සිය තැපැල් ඡන්දයේ ඉරණම ගැන දෙගිඩියාවකින් පසුවෙති.

‘‘මම තවදුරටත් තැපැල් ඡන්දය විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම ම ආවා..‘‘ යැයි ඔවුහු කියති.

වසංගත තත්වය ඇතුළු සුවිශේෂී තත්වයන් සලකා බලා හැකිතතාක් කලින් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබෙන්නේ ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂයයි.

රිපබ්ලිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ඉල්ලීම වී තිබෙන්නේ නොවැම්බර් 3 වැනිදාටම ඡන්දය ප්‍රකාශ කරන ලෙස ය.

එනිසා ඔහු දැඩි වෙහෙසක් දරා අවසන් මොහොතේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළී සිටියි.

නමුත් අප මුලින් කියූ පරිදි, ඇමරිකානුවන්ගෙන් 2/3 ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර අවසන් ය. ඒ ප්‍රමාණය මිලියන 70 කට අධික ය. 2016 ජනාධිපතිවරණයේදී කලින් ඡන්දය ප්‍රකාශ කර තිබූ මුළු අගය ද මිලියන 35 ඉක්මවා තිබුණේ නැත. ඒ අනුව මෙය, දැනටමත් දෙගුණයක වැඩිවීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි