×

9/11 ප්‍රහාරයේ 19 වන සැමරුම ඊ​යේ

අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයේ 19 වන සැමරුම පසුගිය 11 වන දිනට යෙදී තිබුණි.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3000 කට ආසන්නයි. තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුහ.

ගුවන් යානා හතරෙන් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලුනු හෙවත් උතුරු සහ දකුණු මැදුරු දෙකෙහි ගැටීමට සළස්වා තිබුණි. තෙවැන්න ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගනයට කඩා වැටෙන්න සළස්වා තිබුණි. සිවුවැනි ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්විල් නමැති පිටිසරබද පළාතට කඩා වැටුණි.

අල්කයිඩා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වීම සිදුවූ අතර අමෙරිකාව, 9/11 යනුවෙන් ප්‍රකට එම ප්‍රහාරය සෑම වසරක් පාසාම අනුස්මරණය කරනු ලබයි.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි