×

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ගංවතුර ආපදා හේතුවෙන් 9ක් මරුට

ඉන්දුනීසියාවේ ජකර්තා නගරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අලුත් අවුරුදු දිනයේදී අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ.


ඉන්දුනීසියාවේ ජකර්තා නගරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අලුත් අවුරුදු දිනයේදී අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ. මෙය වසර ගණනාවකට පසු ඉන්දුනීසියාවට බලපෑ බලවත්ම ගංවතුර තත්වය බව එරට බලධාරීන් පවසයි.

මිලියන 30 ක් පමණ වාසය කරන ජකර්තා නගරය ජලයෙන් යට වී ඇති අතර ඒ අවට බොහෝමයක් ප්‍රදේශ වල විදුලිය විසන්ධි වී ඇති අතර සමහර දුම්රිය මාර්ග සහ නගරයේ එක් ගුවන් තොටුපළක් ද වසා දමා ඇත.

ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි.

“පළමු ප්‍රමුඛතාවය වන්නේ ජීවිත බේරා ගැනීමයි” යනුවෙන් ඒජන්සි ප්‍රධානී ඩොනි මොනාඩෝ පැවසීය.

16 හැවිරිදි අයෙකු විදුලි රැහැනකින් විදුලි සැර වැදී ඇති අතර තවත් තිදෙනෙකු හයිපෝතර්මියා රෝගයෙන් මිය ගිය බව ආපදා ඒජන්සිය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි