×

යුරෝපයේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි!

මේ වන විට ශ්‍රීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා මහාද්වීපය කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත.


ගෝලීය කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 52 කින් සමන්විත යුරෝපීය කලාපයෙන් පසුගිය වසර දෙක තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100,074,753 ක් බව 01 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරු​ණි.

යුරෝපයේ කොරෝනා ආසාදිතයන්ගෙන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ පසුගිය දින හත තුළය.

යුරෝපයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,873,253 ඉක්මවා ඇත.

මේ වන විට ශ්‍රීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා මහාද්වීපය කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත.

ප්‍රංශයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද ගතවූ සතියේදී මිලියනය ඉක්මවූ අතර, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි