×

74 හැවිරිදි ඉන්දියානු කතක් නිවුන් දැරියන් බිහි කරයි

දරුවන් නොමැතිවීමෙන් ලද අවමන් වලින් බේරීමට ගත් උත්සහයක ප්‍රතිඵලයක්


ඉන්දියාවේ ආන්ද්‍රා පුදේශයේ 74 හැවිරිදි කාන්තාවක් විසින් නිවුන් දැරියන් දෙදෙනකු බිහි කළ බවට වාර්ථා වේ. ඒත් සමග ඇය ලෝකයේ නිවුන් දරුවන් බිහිකළ වයස්ගතම කාන්තාව වීමේ ඉඩ කඩ පවතින බව වාර්ථා වේ.

 මන්ගායම්මා යරාමතී නම් වන ඇයගේ දරු උපත සිසේරියන් සැත්කමක් මගින් සිදු කර ඇත. දියණියන්ගේ පියාගේ වයස අවුරුදු 80ක් වන අතර ඔවුන් දරුවකු පිළිසිද ගැනීම සදහා
නළ දරු උපත් ක්‍රමය හෙවත් IVF(  In vitro Fertilization ) තාක්ෂණය භාවිතා කරනු ලැබ ඇත.

Image result for 74 indian women the guardian

මේ වන විට මවත් දියණියන්ද නීරෝගී ව සිටින අතර සිය දියණියන් සහ බිරිද පිළිබදව තමන් ඉතා සතුටට පත්වන බව පියා වන සීතාරාමන් රජාරාඕ පවසයි. දරුවකු නොමැතිවීම හේතුවෙන් සිය ජීවිත කාලය පුරාම දැඩි සේ අවමන් සහ දුක් වේදනා වලට මුහුණ දුන් බව කියන ඔහු විවිධ අවස්ථාවල ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇතත් ඒවා අසාර්ථක වී ඇත.

මම ගෙයින් එළියට පිටව යන විට ගමේ අය මට දරුවන් නැති ගැහැණිය යැයි අවමන් කලා…එසේ පවසන්නේ මන්ගායම්මා යරාමතී විසිනි.

ඒ අනුව IVF තාක්ෂණය භාවිතා කර දරුවෙකු බිහිකිරීමට ඔවුන් උත්සහා කරන ලද බවත් ඇය වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් තුනක් යෙදවූ බවත් ඇගේ වෛද්‍යවරා විසින් පවසයි.

ඔහු පවසන්නේ මේ වන විට IVF තාක්ෂණය යොදා ගනිමින් දරුවන් අපේක්ෂා කරන වයස අවුරුදු 40-50ත් අතර කාන්තාවන් ඉංදියාව තුළ ප්‍රවණතාවක් වී ඇති බවයි. දරුවන් නොමැතිවීම සමාජයෙන් කාන්තාවන් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුව වී ඇති බව ඔහු පවසයි.

මීට පෙරදීද 2016 වසරේදී 72 හැවිරිදි ඉන්දියානු කාන්තාවන් පිරිමි දරුවෙකු වෙත උපත ලබා දුන්නාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි