×

ටික්ටොක් ගිණුම් වෙත සයිබර් ප්‍රහාරයක්

චීන සමාගමක් වන ByteDance සතු වීඩියෝ බෙදාගැනීමේ යෙදුම TikTok, බීබීසී වෙත පවසා ඇත්තේ ඉතා සීමිත ගිණුම් සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇති බවයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වන විට ප්‍රසිද්ධ වෙළඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් ටික්ටොක් ගිණුම් වෙත සයිබර් ප්‍රහාරයක් එල වී තිබෙන අතර, එය නිවැරදි කිරීමට උත්සහ දරමින් සිටින බවටයි ටික්ටොක් ආයතනය පවසයි.

චීන සමාගමක් වන ByteDance සතු වීඩියෝ බෙදාගැනීමේ යෙදුම TikTok, බීබීසී වෙත පවසා ඇත්තේ ඉතා සීමිත ගිණුම් සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇති බවයි.

සයිබර් ප්‍රහාරයේ අපරාධකරුවන් හෝ එය සිදු කළ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ටික්ටොක් ආයතනය ප්‍රසිද්ධ කර නැති අතර, ගිණුම් වෙත නැවත ප්‍රවේශය ප්‍රතිසාධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පවසා ඇත.

මෙලෙස සයිබර් ප්‍රහාරය නිසා අවදානමට ලක් වූ එක් ගිණුමක් CNN පුවත් සේවයට අයත්වන අතර, රියැලිටි ටීවී තරුවක් වන පැරිස් හිල්ටන්ගේ ගිණුම ද ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මිලියන 10 කට වඩා අනුගාමිකයින් සිටින පැරිස් හිල්ටන් ටික්ටොක් වේදිකාවේ ක්‍රියාකාරී සාමාජිකාවක්ද වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි