×

නිරිතදිග චීනයේ නායයාමක් : 28ක් අතුරුදන්

නිරිතදිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු අතුරුදන්වී තිබේ


රෂිකා හෙන්නායක පෙබරවාරි 09 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නිරිතදිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු අතුරුදන්වී තිබෙන අතර, නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාතා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, සහන සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින් නවසීයකට අධික පිරිසක්  ඒ සඳහා එක්ව සිටින බව වාර්තා වන අතර, නාය යාමට හසුවූ පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි.

පසුගිය මාස කිහිපය පුරා චීනයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවුණ අතර, පසුගිය වසරේදී ගංවතුර හේතුවෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වු අතර එරටින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ද පසුගිය වසරේදී සටහන් වූ බවද වාර්තා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි