×

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයට ආදර හසුනක්!

A love letter to UK from Frans Timmermans


‘‘මා ඔබට ආදරෙයි. ඔබට සහ ඔබ මට දුන් දෙයට.. හරියට මම වියපත් ආදරවන්තයෙක් වාගෙයි..‘‘

මෙසේ සඳහන් වන්නේ යුරෝපා කොමිසමේ උප සභාපති ෆ්‍රාන්ස් ටිමර්මන්ස් Frans Timmermans විසින් ගාඩියන් පුවත්පතට ලියන ලද ලිපියක ය.

ඔහු එම ලිපිය ලියන්නේ බ්‍රිතාන්‍යයට තමන් තුළ ඇති බැඳීම පෙන්වාලීමට ය. එය හුදෙක්ම උපහාසයෙන් බැහැර නොකළ යුතු, ඊට වඩා ගැඹුරක් සහිත කදිම ආදර හසුනකි.

‘‘මා ගියේ බ්‍රිතාන්‍ය පාසලකට බැවින්, ඔබ හැමදාම මගේ ජීවිතයේ කොටසක්. දැන් ඔබ වෙන් වී යනවා.. එය මගේ හදවත කඩා දැමුවා..“ යැයි එහි සඳහන් වේ.

2020 ජනවාරි 31 වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විමට නියමිත ය. දෙසැම්බර් 20 වැනිදා අගමැති බොරිස් ජොන්සන් විසින් බ්‍රෙක්සිට් ඩීල් එකට අදාළ සංශෝධිත නීති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තේ මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් දින 8කට පසුව ය.

ටිමර්මන්ස්ගේ ආදර හසුන්වල ඇරඹුම

යුරෝපා කොමිසමේ විධායක උප සභාපති ටිමර්මන්ස් මෙසේ ද කියයි. ‘‘මා මෑතකදී යුරෝපය වෙත ලියූ පෙම් හසුන් සහිත පොතක් කියවූවා. එය කියවූ මට, බ්‍රිතාන්‍යය කෙරෙහි මගේ සිතේ ඇති ප්‍රේමය දැල්වුණා..‘‘

ඕලන්ද ජාතිකයෙක් වන යුරෝපා කොමිසමේ උප සභාපතිවරයා, රෝමයේ පිහිටා තිබූ බ්‍රිටිෂ් ඉන්ටනැෂනල් පාසල වෙත ගිය සමය සිහිපත් කරමින් පවසන්නේ බ්‍රිතාන්‍යය සිය ජීවිතයේ කොටසක් ලෙස සැමදා පවතින බවයි. ඔහු මෙසේ ද කියයි. ‘‘මා දැන් ඔබව දන්නවා. ඒ වගේම ඔබට ආදරය කරනවා.‘‘

එක්සත් රාජධානිය තවමත් යුරෝපා සංගමය කෙරෙහි එක සිතකින් පසු නොවන බව තමන් දන්නේ යැයි ද ඔහු කියයි. ‘‘ඒ වගේම එයින් ඔබට රිදෙන බවත් මා දන්නවා..‘‘

‘‘ඇත්තම කියනවා නම්, ඔබ වෙන් වන්නට තීරණය කර ඇති බව ඇසූ විට මට බෙහෝ සෙයින් රිදුණා.. අවුරුදු 3කට පසුවත් ඒ දුක එලෙසමයි.‘‘

‘‘අපි කවදාවත් ඔබව දමා යන්නේ නැහැ. ඕනෑම වෙලාවක ආපහු එන්න!“

සමාජ මාධ්‍ය වලින් මේ ලිපියට අති දැවැන්ත ප්‍රතිචාරයක් ලැබෙමින් තිබේ. ග්‍රීන් පාටි නායක නැතලී බෙනට් ට්විටර් පණිවුඩයක් හරහා කියන්නේ ‘එම අමතක නොවන ලිපියක් බව‘යි. මේ අතර ලේබර් පක්ෂ සාමාජික සහ හිටපු ගමනාගමන ලේකම් ඇන්ඩෘ ඇඩොනිස් ට්විටර් හරහා පවසන්නේ එංගලන්තය යුරෝපා සංගමය වෙත නැවත පැමිණීම ‘කාලය පිළිබඳ ප්‍රශ්නයක්‘ පමණක් බවයි. නමුත් බ්‍රෙක්සිට් වෙනුවෙන් පෙනී සිටින හිටපු UKIP මහලේකම් පෝල් ඕක්ලි වැන්නුවන් නම් ඒ ගැන කතා කරන්නේ නොරිස්සුම් සහගතව ය.

ටිමර්සන්ගේ ගාඩියන් පුවත්පතට ලියූ ආදර හසුන ඉංග්‍රීසි බසින් මෙතැනින්..

Cover Photo: AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි