×

ජපානයේ ෆුකුෂිමා හි රිච්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක්

ඊසානදිග ජපානයේ ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් පසුගිය බදාදා සවස රිච්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර , ඉන් හතර දෙනෙකු මිය ගොස් ඇත.


වසර 11කට පෙර මාරාන්තික 9.0 ක භූමිකම්පාවකින් සහ සුනාමියකින් මෙම කලාපය විනාශයට පත් වූ අතර එය න්‍යෂ්ටික බලාගාර වෙතද එවකට බලපෑමක් එල්ල කලේය.මෙමගින් විකිරණ විහිදුවමින් සමහර ප්‍රදේශ තවමත් වාසයට නුසුදුසු බවට නිර්දේශ කර තිබේ.ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ෆුකුෂිමා සහ මියාගි වෙරළ තීරයේ නිකුත් කරන ලද අඩු අවදානම් සුනාමි අවදානම ඉවත් කළේය.

ටෝකියෝවේ සිට ඊසාන දෙසින් 390km (සැතපුම් 242) පමණ දුරින් පිහිටි ඉෂිනොමාකි හි වෙරළට 30cm පමණ උස සුනාමි රළ ළඟා විය. කාලගුණ විද්‍යා ඒජන්සිය භූමිකම්පාවේ ප්‍රබලත්වය 7.3 සිට 7.4 දක්වා වූ බවට ගණන් බලා ඇත.

ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා පැවසුවේ ඉදිරි දින දෙක තුන තුළ තවදුරටත් ප්‍රබල කම්පන ඇතිවීමේ හැකියාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිටින බවයි.මෙම භුමිකම්පාවෙන් පුද්ගලයින් 107 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බරපතලය. තවමත් නිවාස 4,300 ක් සඳහා ජල පහසුකම් නොමැත.

2011 සිදු වූ ව්‍යසනයෙන් පසු සිසිලන පද්ධති අසාර්ථක වූ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරය ක්‍රියාත්මක කරන Tokyo Electric Power Company Holding සමාගම ඇති වූ නවතම තත්වය පිලිබඳව දැඩි අවදානයකින් පසුවේ.නැගෙනහිර ජපන් දුම්රිය සමාගම පැවසුවේ එහි බොහෝ දුම්රිය සේවා ආරක්ෂක පරීක්ෂාවන් සඳහා අත්හිටුවා ඇති බවයි. සමහර දේශීය දුම්රිය පරික්ෂණයෙන් පසුව නැවත ධාවනය ආරම්භ විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි