වසර 18 කට පසු නිදහස් වූ මැලේසියා යුවලක්!
ඇමෙරිකා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිරගතව සිටි මැලේසියා යුවලක් වසර 18 කට පසු නිදහස් කර තිබෙන පුවතක් වාර්තා වේ
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සුප්‍රසිද්ධ බාලි බෝම්බ ප්‍රහාරයට අදාළව , ඇමෙරිකා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිරගතව සිටි මැලේසියා යුවලක් වසර 18 කට පසු නිදහස් කර තිබෙන පුවතක් වාර්තා වේ.
2003 වසරේ ඉන්දුනිසියාවේ ජාකර්තාහි හෝටලයක මෙම බෝම්බ පිපිරීම සිදුවූ අතර, ඒ 200කට වැඩි පිරිසකට මරු කැඳවමිනුයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම මැලේසියා ජාතිකයන් දෙදෙනා වරද පිළිගෙන තිබුණු අතර, වසර 18කට පසුව ඔවුන් ග්වන්තනාමෝ බේ සිර කඳවුරෙන් නිදහස් කෙරුණේ පුනරුත්ථාපනය කිරීමෙන් ද පසුවයි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට එරෙහිව මොවුන් දෙදෙනා සාක්ෂි ලබාදී ඇති බව , ඔවුන් නිදහස් කරමින් පෙන්ටගනය පවසා ඇත. මැලේසියා පොලිස්පතිවරයා පවසා තිබෙන, නිදහස් වී සිය රට පැමිණි දෙදෙනා හොද සෞඛ්‍ය තත්තවයෙන් පසුවන බවයි.