×

Mulhouse නගරයේ පිහි ඇනුමක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට!

ප්‍රංශයේ Mulhouse නගරයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.


රෂිකා හෙන්නායක පෙබරවාරි 23 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ප්‍රංශයේ Mulhouse නගරයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. නැගෙනහිර ප්‍රංශයේ Mulhouse නගරයේදී සිදුවූ මෙම පිහි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

පොලීසිය සඳහන් කරන්නේ, පිහි ඇනුම් සිදුකළ 37 හැවිරිදි ඇල්ජීරියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 3 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට පිහි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ එයට මැදිහත් වූ 69 හැවිරිදි පෘතුගාල ජාතිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුගේ නම ප්‍රංශයෙන් පිටුවහල්  කිරීමේ ලැයිස්තුවකට ඇතුළත්ව පවතින බවද අනාවරණය වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි