×

රාජ්‍ය විරෝධී කැරළි නිසා ඉරාකයේ ජීවිත හානි 100ක්

සිදුවන නිරර්ථක ජීවිත හානි වහා නැවතිය යුතුයි - ඒක්සත් ජාතීන්ගේ සංවිධානය


රාජ්‍ය විරෝධී කැරළි හේතුවෙන් ඉරාකයේ දිනෙන් දින ඉහළ යිමින් පවතින මිනිස් මරණ සංඛ්‍යාව නවතා දැමිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටී.

මෙසේ ජීවිත අහිමි වීම ” නිරර්ථක ජීවිත අහිමි කිරීමක් ලෙස හදුන්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරාක රජයට මේ පිළිබදව අවසන් නිවේදන නිකුත් කරමින් සිටී.

විරෝධතා කරුවන් පවසන්නේ තමන් සිය විරෝධතා පවත්වන්නේ විරැකියාව , රාජ්‍ය සේවාවන් නිසි පරිදි ක්‍රියිත්මක නොවීම , සහ රටේ පවතින දූෂණ නැවැත්වීම සදහා රජයට බල කිරීමේ අරමුණ ඇතිව බවයි.

ඉරාකය සම්බ්න්ධ එකිසත් ජාතීන්ගේ නියෝජිත ජෙනී හෙනිස් පවසන්නේ දින පහක් ඇතුලත ඉතා දරුණු ලෙස සිදු වූ ජීවිත හානි සහ ශාරීරික පීඩන වහාම නැවැත්විය යුතු බවයි.

පසුගිය සෙනසුරාදා රජයේ ආරක්ෂක අංශ විසින් බැග්ඩෑඩයේ පැවති විශාල විරෝධතා රැළියට පහර දෙන ලදී. එහිදී පමණක් මිනිස් ජීවිත 5ක් අහිමි කර ඇති අතර කදුළු ගෑස් සහ වෙඩි තැබීම් දරාගත නොහැකි ලෙස භාවිත කර ඇති බව වාර්ථා වේ.

ඉරාක පාර්ලිමේන්තුව විසින් පිහිටුවා ඇති මානව අයිතීන් හා සම්බන්ධ කොමිසම පවසන්නේ අඩුම තරමේ මෙම විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 99ක් මිය ගොස් ඇති අතර 4000කට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බවයි.

මෙම විරොධතා හේතුවෙන් ඉරාකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇත.

මේ පිළිබදව ඉරාකයේ අගමැති අඩෙල් අබ්දිල් මහ්දි පවසන්නේ පවතින ගැටළු වලට විසදුම් ලැබෙනු ඇති බවයි. නමුත් ඔහු ඒවාට මැජික් බලයෙන් විසදුම් ලබා නොදිය හැකි බවට ජනතාවට අවධාරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි