×

TEL AVIV අගනුවර ඊශ්‍රායල රජයට විරෝධය පල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක්!

ඊශ්‍රාලය ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු දැවැන්තම උද්ඝෝෂණය ලෙස මෙය හැදින්විය හැකියි.ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව විරෝධතාකරුවන් සඳහන් කරති.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Tel Aviv අගනුවර ඊශ්‍රායල රජයට විරෝධය පල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර, උද්ඝෝෂණ සඳහා විරෝධතාකරුවන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සහභාගී වී සිටි බව වාර්තා වේ.

ඊශ්‍රාලය ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු දැවැන්තම උද්ඝෝෂණය ලෙස මෙය හැදින්විය හැකියි.ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව විරෝධතාකරුවන් සඳහන් කරති.

එමෙන්ම  හමාස් ප්‍රාණ ඇපයේ පසුවන්නන් හැකි ඉක්මනින් බේරාගැනීමට රජය කටයුතු කළ යුතු බව ඔවුන් පවසන අතරම, විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය බෙංජමින් නෙතන්යාහුව මෙහිදී හදුන්වා සිටියේ අපරාධකරුවකු ලෙසයි.

ඊශ්‍රායල ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු රජයට විරෝධය පල කරමින් සති අන්තයේදී තෙල් අවීව් අගනුවරදී මෙලෙස විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි