×

ඉන්දියාව හා පකිස්තානය න්‍යෂ්ටික යුද්ධයකට මුල පිරුවොත්?

මෙය යථාතත්ත්වයට පත්වීමට දශකයකට අධික කාලයක් ගත වනු ඇත!


න්‍යෂ්ටික බලවතුන් යැයි සැලකෙන ඉන්දියාව හා තම අසල්වැසි පකිස්තානය අතර න්‍යෂ්ටික යුද්ධයක් හට ගතහොත් එමඟින් මිය යා හැකි පුද්ගල සංඛ්‍යාව මිලියන 125 කට ආසන්න විය හැකි බවට පර්යේෂකයින් විසින් අනාවරණය කර ගෙන තිබේ. 

එමඟින් ඇතිවිය හැකි අඳුරු වළා සූර්යයා වසාගැනීමත් සමඟ සමස්ත ලොවම දශකයකට ආසන්න සාගින්නකට කොටු වනු ඇති බවට බවට ද ඔවුන් අනාවරණය කර ගෙන ඇත. 

වර්ධනය වන න්‍යෂ්ටික අවි ගබඩාවලින් වලින් සමන්විත අසල්වැසි රාජ්‍යයන් එයින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතා කර එකිනෙකා හට පහර එල්ල කර ගතහොත්, පිපිරුම් මඟින් මිලියන ගණනක් ක්ෂණිකව මිය යනු ඇති බවටත්, පසුව අග්නිකුණාටු (firestorms) නගර පුරා හඹා යනු ඇති බවටත් එම වාර්තාව මඟින් හෙලිවී තිබේ. ගින්නෙන් විශාල දුමාරයක් වායුගෝලයට මුදාහැරෙන අතර, එමඟින් හිරු එළිය අවහිර කිරීම හා උෂ්ණත්වය අඩු කිරීම නිසා කෘෂිකර්මාන්තය අඩපණ වනු ඇත.

කාශ්මීරයට එරෙහි එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව හා පකිස්තානය අතර ආතතිය උත්සන්න වීම නිසා න්‍යෂ්ටික බලවත් රාජ්‍ය දෙක අතර මෙසේ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ අවදානම ඉහල බව පැවසේ. මේ වන විට මතභේදාත්මක හිමාලයානු භූමිය සම්බන්ධයෙන් දෙරට අතර සන්නද්ධ අරගල 2ක් සිදුව ඇති අතර, පසුගිය පෙබරවාරි මස ගුවන් ගැටුම් ඇති කර ගෙන තිබේ.

මූලාශ්‍රය – ද ටෙලිට්‍රාෆ්

භෞමික ගැටළු, ජනාකීර්ණ නාගරික ප්‍රදේශ ව්‍යාප්තිය හා න්‍යෂ්ටික අවි ගබඩා වර්ධනය ආදී සිදුවීම් හමුවේ යුධ ගැටුම් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් දරන ඉන්දියාව හා පකිස්තානය මෑත කාලය තුළද දරුණු අන්දමින් මෙසේ ගැටුම් ඇති කර ගෙන තිබේ. 2025 වර්ෂයේදී සටන්කාමීන් විසින් ඉන්දියානු පාර්ලිමේන්තුවට පහර දී එහි නායකයින් බොහොමයක් ඝාතනය කිරීමේ උපකල්පිත සිදුවීමක් පර්යේෂකයින් විසින් ගොඩනඟා තිබේ. මෙහිදී පළිගැනීමක් වශයෙන් කාශ්මීරයේ පකිස්තානය විසින් පාලනය කරනු ලබන කලාපය වෙත යුධ ටැංකි යැවීමට නව දිල්ලිය කටයුතු කරනු ඇති බවටත්, තම රාජ්‍යය අභිබවා යනු ඇතැයි හට ගන්නා බිය නිසා ඉස්ලාමාබාද් එම සන්නද්ධ කඳවුරු වෙත යුධ පිටියේදී න්‍යෂ්ටික අවිවලින් පහර දෙනු ඇති බවටත්, එමඟින් දෙරට අතර න්‍යෂ්ටික යුද්ධයක් හට ගනු ඇති බවත් එම උපකල්පිත සංසිද්ධිය ඔස්සේ පර්යේෂකයහු පෙන්වා දෙති.  

ප්‍රතිවාදීන් ඔවුන්ගේ විශාලතම න්‍යෂ්ටික අවි භාවිතා කරන්නේද යන්න මත ගණනය කොට ලැබූ විවිධ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් එකී පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම යුද්ධය නිසා මිලියන 50 ත් 125 ත් අතර ජනතාවක් මිය යා හැකි බවට ඇස්තමේන්තු කළ හැකි බවත්, න්‍යෂ්ටික පිපිරීම් මත ඇතිවන ගිනිජාලා මඟින් හට ගන්නා අධික විෂ දුමාරයන් සති ගණනක් ඇතුළත ලොව පුරා පැතිර යනු ඇති බවත් ය. 

එම තත්ත්වය තුළ මතුපිට හිරු එළිය සියයට 20 සිට 35 දක්වා පහත වැටිය හැකි බවත් මෙමඟින් ගෝලීය පෘෂ්ඨය සෙල්සියස් අංශක 2 – 5 අතර උෂ්ණත්වයකින් පහත යනු ඇති බවත්, එමඟින් වර්ෂාව හා හිමපතනය සියයට 15 – 30 පමණ ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

මෙය යථාතත්ත්වයට පත්වීමට වසර 10 කට අධික කාලයක් යනු ඇති බවට ඔවුහු හෙලිදරව් කළහ. 

ඒ තුළ කෘෂිකර්මාන්තය සියයට 15 – 30 අතර ප්‍රතිශතයකින් අඩාල වී මහා සාගින්නක් ලොව පුරා පැතිර යාමේ හා නන්විධ මාරාන්තික තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතින බවද එම වාර්තාව අනාවරණය කර සිටියි.

වර්තමානයේ දෙරට කටයුතු කරන ආකාරය දෙස බලන කළ, මෙම තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි අතර, කාශ්මීරය සම්බන්ධ ගැටුම් වලදී මේ වන විටත් අවම වශයෙන් මාසිකව දේශ සීමාව තුළ මිනිසුන් ඝාතනයට ලක්වීම දක්නට ලැබේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි