×

නුදුරේදී පැවැත්වෙන යුරෝපා සංගම් (EU) මැතිවරණය ?

මහා බ්‍රිතාන්‍ය මෙවර ඡන්දයේදී යුරෝපා සංගමයට අයත් රටක්ද?


යුරෝපා පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු නියෝජතයින් 700ක් තෝරා ගැනීම සදහා වූ මැතිවරණය එළැඹෙන මැයි මස 23 වන දින සිට 26 දක්වා පැවැත්වීමට නියමිතය.

යුරෝපා සංගමයට අයත් රටවල් 28ක මිලියන 500ක පුරවැසියන් පිරිසක් මෙවර මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මීට ඉහතදී යුරෝපා සංගමයේ මැතිවරණයක් පැවැත්වුණේ 2014 වසරේදීය‍

මොකක්ද මේ යුරෝපා පාර්ලිමේන්තුව?

යුරෝපා පාර්ලිමේන්තුවට සමානුපාතික නියෝජිත ක්‍රමය අනුව නියෝජිතයින් තෝරා ගනු ලබයි.

මන්ත්‍රීන් තෝරා පත් කර ගත් පසුව යුරෝපා සංගමයේ පාර්ල්මේන්තුව නියෝජනය කරන විශාල දේශපාලන කණ්ඩායම් වලට එකිනෙකා එක් වේ.
පාරිලිමේන්තුව තුළ සමස්ත ආසන සංඛ්‍යාව 751 කි. එමෙන්ම ප්‍රධාන දේශ පාලන පක්ෂ 08 කි.
යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලතම දේශපාලන පක්ෂය වන්නේ centre-right European People’s Party (EPP) වේ. එයට මේ වන විට ආසන 217ක් පවතී. මීලගට centre-left Socialists and Democrats (S&D)සහ පිළවෙළින් European Conservatives and Reformists (ECR),the liberals (ALDE,a left-wing group ආදී දේශ පාලන පක්ෂ වෙයි.

යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කර්තව්‍යයන් වන්නේ නීති සම්පාදනය, සාමාජික රටවල අමාත්‍යවර්න් හා කටයුතු කිරීම,
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සම්බන්ධ ප්‍රධානතම තීරණයන් ගනු ලබන්නේ යුරෝපා පාර්ලිමේන්තුවයි. සියයට 55% ප්‍රතිශතයක ඡන්ද නීති සම්පාදනය සදහා මෙන්ම බහුතරය ලෙස හැදින්වේ. එනම් සාමාජික රාජ්‍යයන් 28න් 16ක ප්‍රමාණයක් මෙන්ම සමස්ත ඡන්ද දායකයින්නේ 65%ක ප්‍රතිශතයකි.

මහා බ්‍රිතාන්‍ය මෙවර ඡන්දයේදී යුරෝපා සංගමය අයත් රටක්ද?

යුරෝපා සංගමයෙන් ඉවත්ව වීමට 2016 වසරේ දී ඡන්ද විමසීමක් පැවත් අතර නියමිතව තිබුණේ 2019 මාර්තු 29 දින යුරෝපා සංගමයෙන් ඉවත් වීමටයි නමුත් එංගලන්ත දේශපාලන නියෝජිතයන් සියල්ලගේ එකගත්වය ලබා ගැනීමට නොහැකි වීම මත එම තීරණය කල් ගියේය.
ඒ අනුව මෙවර මැතිවරණයේදී නීතිමය ලෙස යුරෝපා සංගම් මැතිවරණයට සහභාගීවීමට එංගලන්තයට හැකි වේ. නමුත් ඒ එළැඹෙන මැයි 22වන විට ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා වන ගිවිසුම අනුමත කර නොගත හෝත් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි