×

ඔබාමාගේ මතක පොත “A Promised Land” පිටපත් මිලියන 1.7 ක් සමග වාර්තාවක් තබයි

හිටපු ජනාධිපති බරාක් ඔබාමා ගේ මතක සටහන් පොත වන "A Promised Land" එය නිකුත් වු ප්‍රථම සතිය තුළ පිටපත් මිලියන 1.7කට වඩා විකිණී ගිය බව පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනය පවසයි.


කීර්තිමත් පෙන්ගුවින් පොත් ප්‍රකාශන සමාගමේ ඉතිහාසය තුළ, ප්‍රකාශිත මුල් දින තුළ වැඩි ම පිටපත් සංඛ්‍යාවක් විකිණී ගිය කෘතිය මෙයයි. මේ ග්‍රන්ථය පළමු දිනය තුළ පිටපත් 887,000ක් විකිණී ගිය බව මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් පෙන්ගුයින් ප්‍රකාශන සමාගම පැවසුවේ ය.

“A Promised Land” කෘතිය පෙන්ගුයින් රැන්ඩම් ප්‍රකාශකයන් ගේ යටතේ තිබෙන ක්‍රවුන් ප්‍රකාශකයන් විසින් නොවැම්බර් 17 වැනි දා ලොව පුරා ප්‍රකාශයට පත් විණ. භාෂා 20කින් ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය තවත් භාෂා 6කට පරිවර්තනය වන්නට ද නියමිත ය. වර්තමානය වන විට එක්සත් රාජධානියේ වැඩි ම විකිණීමක් සහිත ග්‍රන්ථය වන්නේ මෙය යි.

මේ අනුව ඔබාමා ගේ මතක සටහන මිෂෙල් ඔබාමා ගේ මතක සටහන වන “Becoming” ප්‍රකාශිත දිනයේ දී කළ විකුණුම් ප්‍රමාණය වන පිටපත් 750,000 අභිබවා යයි. කඩදාසි බැම්මෙන් බඳින ලද මුද්‍රණයක් නිකුත් නොකර, “Becoming” පිටපත් මිලියන 10කටත් වඩා විකිණී තිබේ.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ගේ කෘතිය වන “My Life” සහ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ගේ “Decision Points” කෘතිය ඒවායේ ප්‍රකාශිත මුල් දිනවල දී පිළිවෙළින් පිටපත් 400,000 සහ 220,000 බැගින් විකුණා තිබිණ.

විශේෂයෙන් ම ට්‍රම්ප් පරිපාලනය සම්බන්ධ දේශපාලනික ග්‍රන්ථ සදහා ඇති ඉල්ලුම වර්ධනය වී තිබේ.  මේ ඉල්ලුම මැතිවරණයත් සමග තවත් ඉහළ යනු ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලය ඔක්තොම්බර් මාසයදෙී පුරෝකතනය කර තිබිණි.

NPD BookScan හි ව්‍යාපාර ප්‍රවර්ධන පරිපාලන අධ්‍යක්ෂ ක්‍රිස්ටෙන් මැක්ලීන් කියා සිටින අන්දමට “අප එක්සත් ජනපදයේ කෘතීන් ගණනය කරන්නට ගත් 2004 වසරේ සිට දේශපාලනික කෘතීන් සදහා වන වැදගත් ම වසර” ලෙස 2020 හැදින්විය හැකි බව යි.

NPD කියා සිටින පරිදි කොරෝනාවෛරස ගෝලීය වසංගතයෙන් කෙතරම් පොත් ප්‍රකාශන ආයතන බැට කා තිබුණි ද යන්න සලකා බලන කල, මෙම සංඛ්‍යාලේඛන ඉතා වැදගත් වේ. ගෝලීය වසංගත සමයේ පොත් වෙළඳාම බහුල වශයෙන් සිදුවන්නේ ඇමසන් වෙබ් අඩවිය හරයා ය. මෙම පොතෙහි ඉදිරි අලෙවි කටයුතු සඳහා අත්‍යවශ්‍ය ප්‍රවර්ධනය ඔබාමා ගේ ග්‍රන්ථයෙන් ලබා දෙනු ඇතැයි කියවේ.

පසුගිය අගෝස්තු මාසයේ හැඳින්වීමක් ලියමින් හිටපු ජනපති ඔබාමා කියා සිටියේ ජනාධිපතිවරණයට මෙතරම් සමීප ව සිය මතක සටහන නිකුත් කරන්නට බලාපොරොත්තු නොවූ බව යි. කෙසේ වෙතත්, මැතිවරණයේ ප්‍රතිඵලය වූ – ඔබාමා ද අයත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණය සිය පොතෙහි අලෙවිය මෙතරම් ඉහළ යාමට බලපා ඇති බවත් ඔබාමා නිහතමානී ලෙස පිළිගනියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි