×

මේ පියා සහ දියණිය මෙක්සිකානුවෝ ය, ඇමරිකාවට ඇතුල්වන්නට උත්සහා දරමින් සිටියෝය

ජීවිතය ත් මරණයත් අතර සටනක් බව දැන දැනම ඔවුන් සිය දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට මේ දුෂ්කර මාවත් ඔස්සේ ගැහැට පිරි මෙක්සිකෝව අත්හැර ඇමරිකාවට ඒන්නට උත්සහා කරයි.


දේශ සීමාවන් විසින් මිනිසුන්ව මෙතරම් අසරණ කර ඇත වාර ඉතිහාසය පුරා සිය දහස් ගණනකි.

මෙම රූපයේ සිටින්නේ සැල්වදෝරයෙන් ඇමරිකානු දේශ සීමා තරණය කරන්නට ගිය පියෙකු සහ දියණියකි. ඇමරිකාවත් මෙක්සිකෝවත් බෙදා වෙන් කෙරෙන රියෝ ග්‍රෑන්ඩ් ජලාශයෙහි මුනින් අතට වැටී මිය ගොස් සිටින මේ පියා සහ දියණිය යනු ඇමරිකානු මෙක්සිකානු දේශ සීමා කථන්දරය පිටුපස සැගවුණු හදවත් කම්පා වෙන සාක්ෂි අතරේ එකක් පමණි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදුන්වාදුන් දේශ සීමා තරණයේ නව ප්‍රතිපත්ති සහ නීති රීති සමග මෙක්සිකානුවෝ ඇමරිකාවට එන්න දරුණු මෙන්ම දුෂ්කර මාවත් සොයා යන්නෝය. මේ පියා හා දියණිය තරණය කරන්නේ එවැනි දුෂ්කර මාවතකි. ජීවිතය ත් මරණයත් අතර සටනක් බව දැන දැනම ඔවුන් සිය දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට මේ දුෂ්කර මාවත් ඔස්සේ ගැහැට පිරි මෙක්සිකෝව අත්හැර ඇමරිකාවට ඒන්නට උත්සහා කරයි.
මාස ගණනාවක් තිස්සේ නීතිඥයින් විසින් අවධාරණය කර තිබුණේ ඇමරිකානු මෙක්සිකානු දේශසීමාවේදී මිය යන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි.

ඡායාරූපයේ දැක්වෙන් ඔස්කාර් ඇල්බෙටෝ මාර්ටිනස් සහ ඇන්ගි වැලරියා ඔහුගේ දියණිය රියෝ ග්‍රෙනේඩ් ගගට වැටී ඇත්තේ ඇමරිකාවට ඇතුල්වන්නට උත්සහා කරද්දී ලිස්සා ගොසිනි . පසුගිය සදුදා ඔවුන්ගේ මෘතශරීර සොයා ගනු ලැබුවේ සැතපුම් ගණනාවක් දුරිනි. දියණියගේ වයස අවුරුදු 2කි.
මෙම පියාත් සහ දියණියගේ මෙම සංවේදී ඡායාරූපය මෙක්සිකානු ජනමාධ්‍යවේදී ජුලියා ලි ඩක් විසින් ගන්නා ලද එකකි.
තම දියණිය සිය කමිසය තුළ හොවාගෙන සිටි පියාගේ ගෙල වටා ඇය සිය අත රදවාගෙන සිටියාය. ගං ඉවුරේ මඩ ගොඩක වැතිර සිටි ඔවුන් අසලින් සෝඩා බෝතල් කිහිපයක් සහ බියර් කෑන් කිහිපයක්ද පාවී විත් තිබිණි.

මේ දුක්බර ඡායාරූපය මීට වසර හතරකට පෙර ලොව පුරා මිනිස් නෙත් කදුළින් බර කළ තෙහැවිරිදි සිරියානු දරුවාව සිහිපත් කරන්නේ නිතැතින්මය.

මේත් සමග සැල්වදෝරයේ විදේශ කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩ්‍රා හිල් සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය රටේ ආර්ථික අර්බුදය සහ අනෙක් අර්බුද විසදා ගන්නට රට අතහැර ගොස් ජීවිතයෙන් වන්දි නොගෙවා තම රජය සමග එක්ව කටයුතු කර රට තුළ සිටින ලෙසටයි.
”අපේ රට නැවතත් ශෝකයෙන් .. මම සියළු පවුල් සහ දෙමාපියන්ගෙන් ආයාචනය කරනවා ජීවිතය අවධානමට පත් නොකරන්න.. ජීවිතය බොහෝ වටිනාකමක් ඇති එකක්..”

ඇය පැවසුවාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි