×

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාවෙන් ඊශ්‍රායලයට අමුතු එකඟවීමක්!

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.


රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී , ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ  තාවකාලිකව බව ද වාර්තා වේ. මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්ග්‍රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබුණි. ඒ අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් හා ප්‍රහාරක යුධෝපකරණ කට්ටල දහස් ගණනක් ඊට ඇතුළත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි