×

ටජ්මහල තරම්ම උසට වැඩි ඉන්දියාවේ භාල්ස්වාහි කුණු කන්ද

මෙලෙස ඉන්දියාව පුරා කසළ ගොඩකිරීම් 3,100කට වඩා ඇති බව වාර්තා වේ.


වයඹදිග දිල්ලි හි භාල්ස්වා කුණු කන්ද මේ වන විට අඩි 203කට වඩා ඉහළ නගිමින් ඇති බව වාර්තා වේ. මෙය ඉන්දියාවේ විශාලතම කුණු කන්ද මෙය නොවන අතර එය විශාලතම කුණු කන්ද වන ගාසිපූර්ට වඩා මීටර් තුනක් පමණ විශාලත්වයෙන් අඩුය. මෙලෙස ඉන්දියාව පුරා කසළ ගොඩකිරීම් 3,100කට වඩා ඇති බව වාර්තා වේ.

මෙම කුණු කඳු දෙකම රටේ මීතේන් වායුන නිෂ්පාදනයට දායක වන අතර මෙය ප්‍රධාන වශයෙන් දේශගුණික අර්බුදයට ප්‍රධාන කාරකයක් වේ. චන්ද්‍රිකා හරහා මීතේන් නිරීක්ෂණය කරන GHGSat ට අනුව, ඉන්දියාව වෙනත් ඕනෑම රටකට වඩා ගොඩකිරීමේ ස්ථානවලින් මීතේන් නිපදවන බව අනාවරණය වේ. තාපය සහ මීතේන් වායුව නිසා ඇති වන ලැව්ගිනි වරින් වර භාල්ස්වා ප්‍රදේශයේ සුලභ දසුනක් වන අතර දිල්ලි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව මේ වසරේ ලැව් ගිනි 14ක් පමණ නිවා දමා ඇති බව වාර්තා කර ඇත.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) Global Methane Tracker ට අනුව සම්පූර්ණ මීතේන් විමෝචනය සම්බන්ධයෙන් ඉන්දියාව දෙවැනි වන්නේ චීනයට පමණි. ඉන්දියාව පවසන්නේ එහි මීතේන් විමෝචනයෙන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ගොවිතැනින් වන බවයි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි 74%ක් පමණ ගොවිපල සතුන්ගෙන් සහ කුඹුරුවලින් නිපද වේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පරිසර, වන සහ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශ්විනි චෞබේ ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සමස්ත මීතේන් නිෂ්පාදනය අඩු කිරීමට ප්‍රතිඥා දීමෙන් ගොවීන්ගේ ජීවනෝපායට තර්ජනයක් විය හැකි බවයි.

භාල්ස්වා කුණු කන්ද පිළිබඳව විමර්ශනය කරන GHGSat ආයතනයට අනුව, මාර්තු මාසයේ එක් දිනකදී, සෑම පැයකටම මෙට්‍රික් ටොන් දෙකකට වඩා මීතේන් වායුව එම ස්ථානයෙන් කාන්දු වී තිබේ. එහි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් ජර්මේන් පැවසුවේ, මේ තත්වය වසරක් පුරා පැවතියහොත්, මෙම කසළ රඳවනයෙන් සිදුවන මීතේන් කාන්දුව, එක්සත් ජනපද මෝටර් රථ 350,000කින් වාර්ෂිකව නිකුත් වන විමෝචනයට සමාන දේශගුණික බලපෑමක් ඇති කරනු ඇති බවයි.

භාල්ස්වා හි අවට 200,000 පමණ පදිංචිකරුවන් ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ විෂ වාතය ආශ්වාස කිරීම සහ එහි දූෂිත ජලයෙන් ස්නානය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මැයි මාසයේදී, CNN භාල්ස්වා කසළ රඳවනය අවට භූගත ජලය පරීක්ෂා කිරීම සඳහා පිළිගත් විද්‍යාගාර දෙකක් යොදාගනු ලැබූ අතර ප්‍රතිඵලවලට අනුව, අපද්‍රව්‍ය ස්ථානය වටා අවම වශයෙන් මීටර් 500 (අඩි 1,600) අරයක් තුළ භූගත ජලය අපවිත්‍ර වී ඇත. එම වාර්තා දෙකෙන්ම සඳහන් වූයේ භයානක විෂ ද්‍රව්‍ය බිමට කාන්දු වී ඇති හෙයින් අවට ජීවත් වන දහස් ගණනක් පදිංචිකරුවන්ගේ ජල සැපයුම බීමට නුසුදුසු ලෙස දූෂණය කර ඇති බවයි.

සිය “පිරිසිදු ඉන්දියාව” වැඩසටහනේ කොටසක් ලෙස මෙම කසළ කඳු ඉවත් කර හරිත කලාප බවට පත් කිරීමට උත්සාහ දරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි