×

ලෝකයේ එහා කොණේ සිට අප එනතෙක් බලා සිටින අයිස්ලන්තය …

මෙරටෙහි විශේෂත්වය නම් එහි යුද හමුදාවක් හෝ නාවික හමුදාවක් නොවීමයි


අයිස්න්තය මතක් වූ විටත් අපට දැනෙන්නේ දරා ගන්න බැරි සීතලක්. ඒ වගේමයි. අයිස්ලන්තයට ගිහින් ඇත්තටම අයිස්ලන්තය කොයි වගේදැයි බලන්නටත් කැමැත්තක් ඇති නොවුනොත් තමයි පුදුම.

යුරෝපයේ බටහිරට වන්නට පිහිටා ඇති නියෝජ්‍ය ආණ්ඩු ක‍්‍රමයක් සහිත සමූහාණ්ඩු රාජ්‍යයක් වන අයිස්ලන්තය, . වර්ග සැතපුම් 40,000 ක් පමණ විශාල දිවයිනක් ජනගහනය 348,580 වේ.

මෙම රාජ්‍යය උතුරු අත්ලන්තික් සාගරයේ ආක්ටික් වෘත්තයට සමීපව පිහිටන අතර .කි‍්‍ර.ව. 800 පමණ අයිරිෂ් ජාතික පූජක පිරිසක් මුලින්ම අයිස් ලන්තයට පැමිණ ඇති බවට සාක්ෂි හමුවේ. නමුත් නෝර්වේජියන්වරුන් සංක‍්‍රමණය වීමත් සමග මෙම පූජකයින් එරට අතහැර ගොස් ඇති බව අයිස්ලන්තය හැ බැදුණු පුරාවෘතවල සදහන් වේ.

නෝරවේජියන් වරු පැමිණියද සතුන් ඇතිකිරීමට මෙම භූමියේ ඇති ලක්ෂණ හා ස්වභාවය විසින් ඉඩ ලබා නොදීම හේතුවෙන් මොවුන් ද අනෙකුත් රටවලට සංක‍්‍රමණය වූහ.

ඉන්ගෝල්ෆ් නැමති නෝර්වේජියානු ජාතිකයා 874 දී පමණ මෙහි ස්ථිර පදිංචියට පැමිණෙන විට පැමිණෙන සියල්ලන් මෙම සීතල භූමිය හැර යමින් සිටියහ. ඔහු විසින් නිරිත දිග වෙරළේ ජනපදයක් පිහිට වූ අතර එය රේක්යාවික් ලෙස හැදින්විණි. අද අයිස්ලන්තයේ අගනුවර වී ඇත්තේ ද මෙම නගරයයි. මෙලෙස ජනයා පැමිණීමත්

ක්‍රමයෙන් විවිද ආර්ථික මාර්ග සැකසෙත්ම පිට ප්‍රදේශ වල ජනයා සමග ඉක්මනින් අයිස් ලන්තය ජනාවාසයක් බවට පත් විය.ඉතා අලංකාර දිවයිනක් වන මෙහි කොඳෙව් දූපත් කිහිපයක්ද වේ. කුඩා මුහුදු තීරයක් ඇති මුත් එහි ගල්පර බහුල වේ. වෙරළ බඩ කොටස් එසේ වුවද මධ්‍ය ගත භූමිය යමහල් පස් හා ලාවා පස් සහිතය. යමහල් හෙවත් ගිනිකඳු 100 කට වැඩි ගණනක් ද උණු දිය උල්පත් කිහිපයක්්ද මෙම භූමියේ වේ. මෙරටෙහි ප‍්‍ර‍්‍රධාන ගංගාව ජෝ තුල්සාය. මෙහි විශාල විල් කිහිපයක්ද උස් දිය ඇලි ද වේ. මේවා ග්ලැසියර් ඛාදනය හේතුවෙන් නිර්මාණය වී ඇත. මෙහි උෂ්ණත්වය පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන්නේ පිහිටීම අනුව ලැබිය යුතු තරම් ශීතලක් අයිස්ලන්තය තුළ නොමැති බවයි. එහෙත් වයඹ දිග ප‍්‍රදේශයේ උෂ්ණත්වය දකුණු ප‍්‍රදේශයේ උෂ්ණත්වයට වඩා වෙනස් වන සුළුය. අයිස්ලන්තයේ දකුණු කොටසට සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය අඟල් 51 පමණ වේ. එහි කඳු ප‍්‍රදේශයන්ට අඟල් 78 ක වර්ෂාවක් ලැබෙන අතර උතුරේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 17 ට අඩු වේ.මෙහි ග්ලැසියරයට යටවී ඇති ප‍්‍රදේශය සැතපුම් 5000 ක් පමණ වන අතර වගා නොකළ හැකි භූමි ප‍්‍රමාණය 6/7 ක් පමණ වේ. ඒ එම කොටස මුඩු බිම් නිසාය. වනාන්තර අඩු මෙම රාජ්‍යයෙහි එහි ආවේනික ශාක කිහිපයක් වැවේ. මෙහි උස් පෙදෙස හිමෙන් වැසී පවතී.

ධීවර කර්මාන්තය, මාළු ටින් කිරීම සම්, චීස් , සිසිල් බීම ආදියද අර්තාපල් වගාවද අයිස්ලන්ත ජාතිකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට අනන්‍ය වූ ව්‍යාපාරයි. ආදි අයිස්ලන්ත වාසීන් අශ්වයන් ද ඇතිකර ඇත.මොවුන්ගේ ප‍්‍රධාන ආගම රෙපරමාදු ආගමයි. එහෙත් කි‍්‍ර.ව. 1380 දී නෝර්වේ රාජ්‍යය ඩෙන්මාක් රාජ්‍යය හා ඒකාබද්ධ වූ අවස්ථාවේදී අයිස්ලන්තය ද ඩෙන්මාර්කයේ කොටසක් විය. එයට හේතුව ඒ වන විට නෝර්වේ රාජ්‍යයේ නායකයා අයිස්ලන්ත නායකයා වීමයි. එම හේතුවෙන්, අයිස්ලන්තය තුළ කතෝලික – රෙපරමාදු අරගලයක් ඇතිවිය. විටින් විට නෝර්වේ රාජ්‍යයත් – ඩෙන්මාක රාජ්‍යයත් පාලනය කරනු ලැබූ අයිස්ලන්තය අවසානයේදී ඩෙන්මාර්කය විසින් අයිස්ලන්තයටම පවරා දෙන ලදී.එතැන් පටන් විධායක බලය ඇති ජනාධිපතිවරයෙක් එරට පාලනය කරන අතර ඔහු සිව් වසරකට වරක් මහජන ඡන්දයෙන් තෝරා ගනී. එවිට ජනාධිපති අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයක් මගින් රට පාලනය කරනු ලබයි. මෙරටෙහි විශේෂත්වය නම් එහි යුද හමුදාවක් හෝ නාවික හමුදාවක් නොවීමයි.කලා ශිල්ප, වෙළෙ¼දාම, කර්මාන්ත, ආදිය ඉගෙනීමට මෙහි පහසුකම් වේ. අගනුවර විශ්ව විද්‍යාලයක් ඇති අතර ප‍්‍රධාන ගුවන් තොටු පොළක්ද ගුවන් විදුලි මධ්‍යස්ථානයක්ද එහිම පිහිටා ඇත. සැතපුම් 3500 ක පමණ මාවත් ඇති මෙහි ප්‍රවාහණය සදහා වැඩි වශයෙන්ම භාවිත කෙරෙන්නේ පෞද්ගලිකව හිමිකාරීත්වයක් ඇති වාහනයි. දුම්රිය මාර්ගයක් තවම ඉදිවී නොමැති අතර රට අභ්‍යන්තරයේ ද ගුවන් සේවා පහසුකම් ඇත. එහි පිහිටි විශාලතම ගුවන් තොටුපල වන්නේ Keflavík International Airport (KEF) ය. එමෙන්ම ඔරු පාරු මගින් ගමන් යෑඹද අයිස්ලන්ත වැසියන්ට පුරුදුය.
මෙම රටේ අධ්‍යාපන ක්‍රමය අනෙක් රටවල් මෙන්ම සාමාන්‍ය වුවද එහි දැකිය හැති විශේෂ ලක්ෂණය වන්නේ අයිස්ලන්තයේ රජය මගින් නේවාසික අධ්‍යාපනය සදහා ළමුන්ට ඉඩ ලබා දී තිබීමය. රජය විසින් නියම කළ අඡ්‍යාපන වැඩ සටහන් නිවසේදී හැදෑරීමට මෙම දරුවන්ට කැමතිනම් හැකියාව ලැබේ.
2003-2007 වසර කාලය තුළ අය්ස්ලන්තය ලෝකයේ ශස්සීකම රටක් ලෙස හිි හැටියේ ඉහළට පැමිණියද දේශපාලන සහ පැනමා පේපර්ස් අර්බුදයට ගොදුරු වූ රටක් ලෙස 2012 වන විට ආර්ථිකමය වශයෙන් අදහා ගත නොහැකි පරිහානියකට අයිස්ලන්තයට මුහුණ දෙන්නට සිදු විය.නමුත් මේ වන විට අයිස්ලන්තය නැවතත් සිය ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් සිටී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි