×

පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ, තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීම ප්‍රතික්ෂේප නොකරන බවයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේනයේ ආයුධ හා න්‍යෂ්ටික අවි පිළිබඳ බටහිර රටවලට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන බව වාර්තා වේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ, තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීම ප්‍රතික්ෂේප නොකරන බවයි.

2022 වසරේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට රොයිටර් හා ඇසෝසියේටඩ් ප්‍රෙස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සිවල නියෝජිතයන් මුණ ගැසුණු අතර, රුසියානු භූමිය තුළ ප්‍රහාර දියත් කිරීමට යුක්‍රේනය දරන උත්සාහයට සහාය දෙන රටවලට ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳවද ඔහු පැහැදිලි කළ බව සඳහන් වේ.

එමෙන්ම ඉදිරි යුධ ක්‍රියාමාර්ග පිළිබඳවද ජනපති පුටින් මෙහිදී අදහස් පල කර තිබෙන බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි