×

උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ABBA Voyage මංගල දර්ශනය ඇරඹෙයි!

සතලිස් වසරකට පසු ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් හෙවත් ABBA මෙලෙස සිය ABBA Voyage යාත්‍රාව නැංගුරම් ලාන වගයි...


බාල මහළු ප්‍රේක්ෂකයන් රැසකගේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද 70 දශකයේ ගීත අමන්දානන්දය ABBA ගේ යළි සම්ප්‍රාප්ති සනිටුහන් කරන ABBA Voyage ත්‍රිමාණ සජීවීකරණ හොලොග්‍රෑම් ප්‍රසංගය අද (මැයි 26) දින ආරම්භ වී ඇති බවට වාර්තා වේ.

මෙම සජීවී ප්‍රසංගය පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ක්වීන් එලිසබෙත් ඔලිම්පික් පිටියේ නිමවා ඇති රංග ශාලාවක වන අතර, එහි මංගල දර්ශනයට ABBA සාමාජිකයන් සතර දෙනා වන ඇග්නේතා ෆෙල්ට්ස්කොග්, බියෝර්න් උල්වේයස්, බෙනී ඇන්ඩර්සන් සහ ඇනිෆ්‍රිඩ් ලින්ස්ටඩ් සහභාගී විය.

මෙම හොලොග්‍රෑම් සංගීත ප්‍රසංගය නැරඹීමට ABBA රසිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.

40 වසරක නිහැඬියාවකින් අනතුරුව ABBA පළමුවරට සිය ගීත රාවය නාද කරමින් සංගීත ක්ෂේත්‍රයට යළි පිවිසෙන බවට පළමුවරට නිවේදනය කළේ ඉකුත් වසරේ සැප්තැම්බර් 02 වන දිනය. නවතම ගීත සහිත ඇල්බමයක් සමඟින් ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික ජනතාවට හැඟීම්බර මොහොතක් එක්කරමින් ABBA සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කළේ වසංගතයක් මැද ලොවක් හිරවී පීඩා විඳිමින් සිටි මොහොතක ය.

ABBA ගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කළ පළමු අවස්ථාවේ පටන් Outbound Today අප ඒ පිළිබඳව වාර්තා කළේ, ශ්‍රී ලාංකික ජනතාව අතර බටහිර සංගීතයේ පරම්පරා 3 – 4 ක ආකර්ෂණයක් දිනා සිටි යම් පොප් සංගීත කණ්ඩායමක් වූයේ නම් ඒ ABBA වීමත්, ABBA සංගීතය ගෝලීය සමාජ-දේශපාලනයේ සිදුකළ ඇතැම් හැරවුම් ලක්ෂ ප්‍රවේශමෙන් කියවා ගැනීමට ලිබරල් පරිකල්පයනට කවදත් මුල්තැන දෙන අප සමත් වීමත් නිසා ය.

ABBA සම්ප්‍රාප්තිය පිළිබඳව අපගේ ආවරණය විශේෂ වන්නේ එබැවිනි.

 

 

පෙර ලිපි:

ඇබා නැවත කරලියට! අලුත් ගීත එකතුවක්!!

නව සංගීත නිර්මාණ කිහිපයක් 2020 දී එළි දැක්වෙනු ඇත – ABBA සංගීත කණ්ඩායම

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA 39 වසරක නිහඬතාව බිඳිමින් ABBA VOYAGE ජනගත කරයි!

උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ABBA Voyage ඇරඹෙයි! (LIVE)

නිදහසේ ගීතිකාව Ode To Freedom සමඟින් ABBA සිය ‘අවසාන’ ඇල්බමය Voyage එළිදක්වයි!

වසර 40 කට පසුව නැවතත් BBC ගීත ඇල්බම දර්ශකයේ කිරුල ABBA හිමිකර ගනී – Voyage අංක 01ට!

GRAMMY සම්මාන උළෙල: ලේඩි ගාගා, ජස්ටින් බීබර්, ඩෝජා කැට්, බිලී අයිලිෂ්, ලිල් නාස් එක්ස්…. හමුවන්න ABBA!

40 වසරකට පසු Voyage සමඟින් ABBA සජීවී වේදිකාවේ ත්‍රිමාණ සජීවීකරණ ගමන අරඹයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි