×

උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ABBA Voyage ඇරඹෙයි! (LIVE)

මෙහි සජීවී දසුන් ABBA සංගීත කණ්ඩායමේ යූටියුබ් චැනලය හරහා නැරඹිය හැකි අතර, දැනටමත් ලොව නන්දෙස බාල මහළු රසික රසිකාවියන් දස දහස් ගණනකගේ උණුසුම් ප්‍රතිචාර මීට ලැබී තිබේ.


70 දශකයේ ගීත අමන්දානන්දය ABBA වසර 39 ක නිහැඬියාවක් බිඳිමින් පළමු වරට මුල් සාමාජිකයන් සතර දෙනාගේම සහභාගීත්වයෙන් යුතුව නව ගීත ව්‍යාපෘතියක් දියත් කරන බවට පළමු වරට නිවේදනය කර තිබුණේ මීට සතියකට ඉහතදී ය.

ඒ අනුව, ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් යන ABBA සාමාජිකයන් සතර දෙනා විසින් ABBA Voyage නමින් නව සංගීත ව්‍යාපෘතියක් අද ( සැප්තැම්බර් 02) දින ආරම්භ කිරීමට නියමිත ය.

මෙහි සජීවී දසුන් ABBA සංගීත කණ්ඩායමේ යූටියුබ් චැනලය හරහා නැරඹිය හැකි අතර, දැනටමත් ලොව නන්දෙස බාල මහළු රසික රසිකාවියන් දස දහස් ගණනකගේ උණුසුම් ප්‍රතිචාර මීට ලැබී තිබේ.

ABBA පළමුවරට ලෝක පූජිත ජනාදරය ට පාත්‍ර වන්නේ 1974 වර්ෂයේ Waterloo නම් ගීතය හරහා Eurovision Song Contest තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. ABBA යනු ඉංග්‍රීසි බස කතා නොකරන රාජ්‍යයක සිට පැමිණ ජාත්‍යන්තර සංගීත වේදිකාව ආක්‍රමණය කළ ඉතිහාසයේ පළමු සංගීත කණ්ඩායමයි. සංගීත ක්ෂේත්‍රය තුළ සක්‍රියව කටයුතු කළ සමයේ ගීත ඇල්බම නවයක් ද ගීත සියයකට ආසන්න සංඛ්‍යාවක් ද පටිගත කළ ABBA ජාත්‍යන්තර සංචාරක ගීත ප්‍රසංග සමඟින් යුරෝපයෙන් පිටත රටවල් බොහොමයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනා ගැනීමට සමත් ව ඇත.

ABBA Voyage සජීවී වැඩසටහන පහතින්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි